2022 නොවැම්බර් මස 26 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-11-26 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii) 2021 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ජගත් සමරවික්‍රම මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු රෝහණ දිසානායක මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු විජිත හේරත් මහතා
(ii) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු සුදත් මංජුල මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
(i) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119හි විධිවිධානවල සහ 2022 ඔක්තෝබර් 18 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 නොවැම්බර් 25 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු ය
(ii) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120හි විධිවිධානවල සහ 2022 ඔක්තෝබර් 18 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 නොවැම්බර් 25 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු ය
(iii) බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව
2022 නොවැම්බර් 23 දින සම්මත කරන ලද යෝජනාවෙන් සංශෝධිත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන ප්‍රකාරව, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහසය දෙනෙකුගෙන් (16) සමන්විත විය යුතුය
(iv) ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව
2022 නොවැම්බර් 23 දින සම්මත කරන ලද යෝජනාවෙන් සංශෝධිත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 123 හි විධිවිධාන ප්‍රකාරව, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහසය දෙනෙකුගෙන් (16) සමන්විත විය යුතුය
(v) ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව
2022 නොවැම්බර් 23 දින සම්මත කරන ලද යෝජනාවෙන් සංශෝධිත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124 හි විධිවිධාන ප්‍රකාරව, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු සාමාජික මන්ත්‍රීවරයන් දහසය දෙනෙකුගෙන් (16) සමන්විත විය යුතුය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2023) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත - එකොළොස්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1908 ට 2022 නොවැම්බර් මස 28 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






