ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 නොවැම්බර් මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-11-25

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii)    2018, 2019 සහ 2020 වර්ෂ සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු සනත් නිශාන්ත මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු වජිර අබේවර්ධන මහතා                    
(ii)    ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු

අධ්‍යාපන අමාත්‍ය, ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු ප්‍රසන්න රණවීර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නෝ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2023) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - දසවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව (2019)
(iii)    ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2017)
(iv)    සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2017)
(v)    ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව (2017)
(vi)    ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව (2018)
(vii)    ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2019)
(viii)    සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2018)
(ix)    සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2019)
(x)    ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩල‍යේ වාර්ෂික වාර්තාව (2018)
(xi)    සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2018)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1853 ට 2022 නොවැම්බර් මස 26 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2023]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි