ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 නොවැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-11-23

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
C : කාරක සභා අවස්ථාවේ විවාදයේදී අසුන් ගැනීම පිළිබඳව
D : 2022 නොවැම්බර් 26 සහ 29 දිනයන් සඳහා ප්‍රතිශෝධිත කාරක සභා අවස්ථාවේ වැඩසටහන

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014, 2015, 2017 සහ 2020 වර්ෂ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තා
(ii)    2016, 2017 සහ 2018 වර්ෂ සඳහා ශ්‍රී ලංක‍ා වෘත්තීය පුහුණු අධිකාරියේ වාර්ෂික වාර්තා
(iii)    2020 වර්ෂය සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව

(iv)    2023 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාව විසින් ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලබන නිර්දේශ
(v)    2023 කෙටුම්පත් ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීම් ලැයිස්තුව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු සමන්ප්‍රිය හේරත් මහතා        
            
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
මැණික් කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටලු

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය, ගරු චාමර සම්පත් දසනායක මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i) විසර්ජන පනත් කෙටුම්පත (2023) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - අටවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සංශෝධන දෙකක්

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1842 ට 2022 නොවැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2023]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි