ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 නොවැම්බර් මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-11-22

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XX කොටස සහ හයවැනි කාණ්ඩයේ XXIV හා XXV කොටස්; සහ
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XI, XII, XIII, XIV, XV, XVI, XVII, XVIII හා XIX කොටස්,  සිව්වැනි කාණ්ඩයේ IX, X, XI, XII හා XIII කොටස් සහ හයවැනි කාණ්ඩයේ I  හා II කොටස්


(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXIII කොටස;
  • 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXVIII කොටස;
  • 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIII කොටස, තෙවැනි කාණ්ඩයේ XVII කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXIV කොටස;
  • 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XL හා XLI කොටස් සහ නවවැනි කාණ්ඩයේ XXXII, XXXIII  හා XXXIV කොටස්;
  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXV හා XXXVI කොටස්, තෙවැනි කාණ්ඩයේ XVIII කොටස සහ නවවැනි කාණ්ඩයේ XXIV, XXV  හා XXVI කොටස්; සහ
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VI, VII, VIII, IX, X, XI හා XIII කොටස්, තෙවැනි කාණ්ඩයේ III, IV, V හා VI කොටස් සහ නවවැනි කාණ්ඩයේ III, IV, V, VI හා VII කොටස්

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

අමාත්‍යාංශ නිවේදන

සංචාරක වීසා මගින් ගෘහ සේවිකාවන් රැකියා සඳහා විදෙස්ගත වීම සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2023) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2023) දෙවැනිවර කියවීමේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි.

විසර්ජන පනත් කෙටුම්පත (2023) දෙවැනිවර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. පැවැත්වූ ඡන්ද විමසීමේ දී, එයට පක්ෂව ඡන්ද 121 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 84 ක් ප්‍රකාශ විය.

විසර්ජන පනත් කෙටුම්පත (2023) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1813 ට 2022 නොවැම්බර් මස 23 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2023]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි