ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 නොවැම්බර් මස 19 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-11-19

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : රජයේ ගිණුම්  පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
B : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම
C : රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව

(ii)    2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතේ 2 වගන්තිය යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022  ඔක්තෝබර් 12 දිනැති අංක 2301/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු උදය ගම්මන්පිල මහතා
(ii)    ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
(iii)    ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
(iv)    ගරු කරුණාදාස කොඩිතුවක්කු මහතා   
                 
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

ලිපිද්‍රව්‍යය හා අනෙකුත් පාසල් උපකරණ මිල වැඩිවීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමට අදාළ කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස ද; හිඟ බදු වාරික මුදල්, සේවා ගාස්තු සහ ප්‍රමාණ කළ අලාභ අයකර ගැනීම විධිමත් කිරීම පිණිස ද; සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2023) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2023) දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ ඉඩම් ප්‍රශ්න” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එස්. එම්. එම්. මුෂාරෆ් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2023) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1800 ට 2022 නොවැම්බර් මස 21 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

[අයවැය 2023]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි