2022 නොවැම්බර් මස 18 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-11-18 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2021 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2005 අංක 6 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ඔක්තෝබර් 06 දිනැති අංක 2300/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iv) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 අගෝස්තු 22 දිනැති අංක 2294/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(v) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ඔක්තෝබර් 05 දිනැති අංක 2300/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු මනූෂ නානායක්කාර මහතා
(ii) ගරු ගයන්ත කරුණාතිලක මහතා
(iii) ගරු ජයන්ත කැටගොඩ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
ආබාධ සහිත පුද්ගලයින්ගේ සුබසාධනය සම්බන්ධයෙන් 2022.11.10 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා වෙනුවෙන්, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය, ගරු අනුප පස්කුවල් මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2023) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2023) දෙවැනිවර කියවීමේ විවාදයේ සිව්වැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ඇඹිලිපිටිය නගරයේ ඉඩම්වලට නිරවුල් අයිතියක් නොමැති වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2023) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1733 ට 2022 නොවැම්බර් මස 19 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






