ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 නොවැම්බර් මස 16 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-11-16

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මන්ත්‍රීන් පත් කිරීම

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු වජිර අබේවර්ධන මහතා   
                
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
තේ කර්මාන්තයේ පොහොර සහ අනෙකුත් ගැටලු

වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු ජෝන් සෙනෙවිරත්න මහතා

තමන් ස.ජ.බ. පක්ෂය සමග එක් වූ බවට පළ වූ සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන්

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2023) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විසර්ජන පනත් කෙටුම්පත (2023) දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මුලතිව් දිස්ත්‍රික්කයේ පාණ්ඩියන්කුලම, තුනුක්කායි ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතිය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු චාල්ස් නිර්මලනාදන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2023) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1755 ට 2022 නොවැම්බර් මස 17 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2023]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි