ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 නොවැම්බර් මස 14 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-11-14

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත යටතේ නිකුත් කරන ලද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව - 2023
(ii)    2023 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කෙටුම්පත්
(iii)    2022 වර්ෂයේ සුවිශේෂ සිදුවීම් සහ 2023 අපේක්ෂා පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මෑතකාලීන ආර්ථික ප්‍රවණතා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

‍විසර්ජන පනත් කෙටුම්පත (2023) - දෙවැනිවර කියවීම

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප.ව. 1.30 ට '2023 අයවැය කථාව' පැවැත්වීය.

 

කථානායකවරයාගේ නිවේදනය

2023 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේ දී යෝජනා කිරීමට නියමිත සියලුම සංශෝධන 2022 නොවැම්බර් 18 සිකුරාදා අපර භාග 3.00 ට හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාරදිය යුතු බව.

 

අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2023) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1450 ට 2022 නොවැම්බර් මස 15 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2023]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි