2022 නොවැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-11-09 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2021 වර්ෂය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iv) 2021 වර්ෂය සඳහා ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(v) 2019 සහ 2020 වර්ෂ සඳහා ශ්‍රම වාසනා අරමුදලේ වාර්ෂික වාර්තා
(vi) 2020 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව
(vii) 2020 වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(viii) 2021 වර්ෂය සඳහා පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව
(ix) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මැයි 06 දිනැති අංක 2278/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(x) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජුනි 24 දිනැති අංක 2285/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xi) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2022 නොවැම්බර් 03 දිනැති අංක 2304/51 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
වෙළෙඳ, වාණිජ හා අාහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු විජිත හේරත් මහතා
(ii) ගරු අශෝක් අබේසිංහ මහතා
(iii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු ඉම්රාන් මහරූෆ් මහතා
(v) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ජාතික ව්‍යසනයක් වී ඇති පාසල්වල මත්ද්‍රව්‍ය උවදුර
අධ්‍යාපන අමාත්‍ය, ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය
(ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
(iii) මුදල් පනත යටතේ නියෝගය
(iv) විදේශ විනිමය පනත යටතේ නියෝග
(v) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
ගරු වඩිවේල් සුරේෂ් මහතා විසින් ප්‍රශ්නයක් අසන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 නොවැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






