ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 ඔක්තෝබර් මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-10-20

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “පුනරුත්ථාපන කාර්යාංශය” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය  
B : “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේ දී යෝජනා කිරීමට අපේක්ෂා කරන සංශෝධන

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXXIV කොටස, සිව්වැනි කාණ්ඩයේ XIX කොටස, පස්වැනි කාණ්ඩයේ IX කොටස සහ හයවැනි කාණ්ඩයේ XXI, XXII හා XXIII කොටස්; සහ
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ IV, V, VI, VII, VIII, IX හා X කොටස් සහ සිව්වැනි කාණ්ඩයේ VI, VII  හා VIII කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
පොල් වගාව සංවර්ධනය කිරීම

වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

වෙළඳ සමුළුවක් සහ වෙළඳ සබඳතා ප්‍රවර්ධනය සඳහා තමන් රුසියාවේ සිදුකළ සංචාරය සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය, ගරු නලින් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

බදු ආදායම් වැඩිකර ගැනීම පිළිබඳව තමන් සිදුකළ කතාව සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම

 

වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවී ඇති බවට 2022‍ ඔක්තෝබර් 19 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වතු අංශයේ ජනතාව මුහුණපා ඇති ආහාර අනාරක්ෂිතභාවය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මනෝ ගනේෂන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2022 ඔක්තෝබර් මස 21 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි