ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 ඔක්තෝබර් මස 04 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-10-04

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXII කොටස;
•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXVII කොටස;
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXVIII, XXXIX, XL, XLI හා XLII  කොටස්;
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XXX හා XXXI කොටස්;
•    2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXII, XXXIII හා XXXIV කොටස්, තෙවැනි කාණ්ඩයේ XVII කොටස සහ නවවැනි කාණ්ඩයේ XXII හා XXIII කොටස්; සහ
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I, II, III, IV හා V කොටස්, තෙවැනි කාණ්ඩයේ I  හා II කොටස් සහ නවවැනි කාණ්ඩයේ II කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2021 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(iv)    2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(v)    2021 වර්ෂය සඳහා රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi)    2017, 2018 සහ 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා සහ ගිණුම්

(vii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද  වාර්තාවේ  වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය සම්බන්ධව සඳහන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ජයන්ත කැටගොඩ මහතා          -       පෙත්සම් තුනයි
(ii)    ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතා    -       පෙත්සම් දෙකයි
(iii)    ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා        
         
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ධීවර ක්ෂේත්‍රයේ ගැටලු

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)       ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
(ii)       නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(iii)       ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්
(iv)       ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ (Ease of Doing Business Index) අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීම සම්බන්ධ වූ යෝජනාව

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1608 ට 2022 ඔක්තෝබර් මස 5 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි