2022 සැප්තැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-09-21 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
B : ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය නැවත ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2021 වර්ෂය සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iii) 2021 වර්ෂය සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2019 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
අමාත්‍යාංශ නිවේදන
දුම්රිය සේවා වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “දොස්තර සමන් වීරසිංහ පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු චන්දිම වීරක්කොඩි මහතාට අවසර දෙන ලදී.
(ii) “පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ලලිත් එල්ලාවල මහතාට අවසර දෙන ලදී.
කල් තැබීමේ යෝජනාව
“රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමේ අවශ්‍යතාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 සැප්තැම්බර් මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






