ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 සැප්තැම්බර් මස 01 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-09-01

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සං‍‍දේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකිය‍ා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iii)    2021 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(iv)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v)          2021 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi)          2021 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii)    2021 වර්ෂය සඳහා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(viii)    2016 වර්ෂය සඳහා වී අලෙවි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ix)    2016, 2017, 2018 සහ 2019 වර්ෂ සඳහා ලංකා පිඟන් සංස්ථාවේ වාර්ෂික වාර්තා
(x)          2021 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xi)    2021 වර්ෂය සඳහා පරිසර අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xii)    2019 සහ 2020 වර්ෂ සඳහා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා
(xiii)    2021 වර්ෂය සඳහා වානිජ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xiv)    2011 වර්ෂය තුළ අදියර තුනක් යටතේ පවත්වන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා‍ගේ වාර්තාව (වෙළුම I සහ II)
(xv)    2012, 2013 සහ 2014 වර්ෂවල පවත්වන ලද පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා‍ගේ වාර්තාව
(xvi)    2015 වර්ෂයේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීම පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා‍ගේ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු වාසුදේව නානායක්කාර මහතා                    
(ii)    ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

රසායනික පොහොර සහ කාබනික පොහොර සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් 2022.08.31 දින ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය, ගරු මහින්ද අමරවීර  මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1738 ට 2022 සැප්තැම්බර් මස 02 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි