ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 ජූලි මස 19 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-07-19

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

“ගරු මන්ත්‍රීවරුනි, 2022 ජූලි මස 16 වැනි සෙනසුරාදා ඔබට දැනුම් දුන් පරිදි දැනට පුරප්පාඩු වී තිබෙන අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම පිණිස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, අදාළ පනතේ විධිවිධාන පරිදි, තේරීම් භාර නිලධාරියා වශයෙන්, නාම යෝජනා භාරගැනීමේ කාර්යයේ නිරතවීමේ වැඩ කටයුතු දැන් ආරම්භ කරන බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි.”

 

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගේ නම් ජනාධිපති ධුරය සඳහා යෝජනා විය -

(i) ගරු ඩලස් අලහප්පෙරුම මහතා
ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කරන ලදුව ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා විසින් ස්ථිර කරනු ලැබීය

(ii) ගරු රනිල් වික්‍රමසිංහ මහතා
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කරන ලදුව ගරු මනූෂ නානායක්කාර මහතා විසින් ස්ථිර කරනු ලැබීය

(iii) ගරු අනුර දිසානායක මහතා
ගරු විජිත හේරත් මහතා විසින් යෝජනා කරන ලදුව ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය විසින් ස්ථිර කරනු ලැබීය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1010 ට 2022 ජූලි මස 20 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි