ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 ජූලි මස 04 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-07-04

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 සහ 2019 වර්ෂ සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තා
(ii)         2018 සහ 2019 වර්ෂ සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තා
(iii)    2021 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv)    2021 වර්ෂය සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම්
(v)    2021 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi)    2021 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(vii)    2021 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(viii)    2019 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ix)    2020 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛවරසායන, අණුක ජෛවවේද හා ජෛවතාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.
(x)    2020 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාව.
(xi)    2020 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම්
(xii)    2019 වර්ෂය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය
(xiii)    2021 වර්ෂය සඳහා වෙළඳ අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව

(xiv)    2021 අංක 30 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2022.05.01 සිට 2022.05.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 පෙබරවාරි 08 දිනැති අංක 2005/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන අංශ පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2017 ජූලි 19 දිනැති අංක 2028/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පවුල් වෛද්‍ය අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 08 දිනැති අංක 2113/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xviii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ  අධ්‍යයන අංශයක් සහ මාධ්‍ය අධ්‍යනාංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 මාර්තු 27 දිනැති අංක 2116/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාය ව්‍යවච්ඡේද, ජාන විද්‍යාව සහ ජෛව වෛද්‍ය තොරතුරු විද්‍යා අධ්‍යයන අංශයක් සහ වෛද්‍ය ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ප්‍රතිශක්ති විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 පෙබරවාරි 23 දිනැති අංක 2216/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(xx)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සහ සංගීත පීඨයේ, අධ්‍යයනාංශ පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 මා‍ර්තු 01 දිනැති අංක 2217/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, වවුනියාව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව හි ව්‍යාපාර අධ්‍යයන පීඨය,  ව්‍යවහාරික විද්‍යා පීඨය සහ තාක්ෂණික අධ්‍යයන පීඨයේ අධ්‍යයනාංශ පිහිටුවීම සම්බන්ධයෙන් සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, 1997 මාර්තු 26 දිනැති අංක 968/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපය පිහිටුවීම අවලංගු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජුනි 08 දිනැති අංක 2231/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන්
(xxii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ අධ්‍යයනාංශ පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 දෙසැම්බර් 08 දිනැති අංක 2257/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxiii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ දෘෂ්ඨිමිතික අධ්‍යයනාංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 පෙබරවාරි 11 දිනැති අංක 2266/73 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය  
(xxiv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 මාර්තු 03 දිනැති අංක 2269/53 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.
(xxv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයනාංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2022 අප්‍රේල් 18 දිනැති අංක 2276/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව සහ එහි කාර්යය සටහන්, එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(ii)    ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 (1) හි විධිවිධාන ප්‍රකාරව සහ 2022 ජුනි 30 දින තේරීම් කාරක සභාව තීරණය කළ පරිදි, ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පත් කළ යුතු ය.

එකී කාරක සභාව වෙත  යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර බලා වාර්තා කිරීම සඳහා  එකී  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූ ද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.

එකී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (3) සංයුක්ත විය යුතුය.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1549 ට 2022 ජූලි මස 5 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි