2022 ජුනි මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-06-22 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන
(ii) 2021 වර්ෂය සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව
(iii) 2021 වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iv) 2021 වර්ෂය සඳහා නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v) 2021 වර්ෂය සඳහා වරාය හා නාවික අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(vi) 2021 වර්ෂය සඳහා වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(vii) 2021 වර්ෂය සඳහා සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(viii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මැයි 31 දිනැති අංක 2282/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(ix) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 මැයි 31 දිනැති අංක 2282/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(x) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2022 ජුනි 20 දිනැති අංක 2285/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය සඳහා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතිරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සහ කාර්ය සටහන්, එම කාරක සභාවේ සභාපති, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
ගරු දිලුම් අමුණුගම මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ගෑස්, ඉන්ධන, ආහාර සහ පෝෂණ ප්‍රශ්න විසඳීම සඳහා ජාතික වැඩපිළිවෙළ
අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
රටේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
කල් තැබීමේ යෝජනාව
“රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ගාමිණී වලේබොඩ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1614 ට 2022 ජූලි මස 4 වැනි සඳුදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






