ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 ජුනි මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-06-10

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය
B : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව  ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2022 ජුනි 08 දිනැති අංක 2283/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු බුද්ධික පතිරණ මහතා                    
(ii)    ගරු අනුරාධ ජයරත්න මහතා               -    පෙත්සම් දෙකයි
(iii)    ගරු මධුර විතානගේ මහතා    
             
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“සවීර පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ මහතාට අවසර දෙන ලදී.

 

ශෝක ප්‍රකාශ යෝජනා

නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා 2022 ජුනි මස 24 වැනි සිකුරාදා දිනට කල් තබන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 ජුනි මස 21 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි