ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 ජුනි මස 08 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-06-08

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2017, 2018 සහ 2019 වර්ෂ සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා                   
(ii)    ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා      
           
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
වගා කටයුතු සඳහා පහසුකම්

(ii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
පුනර්ජනනීය බලශක්ති සැලැස්ම

විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු කංචන විජේසේකර මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ජයමග සංවර්ධන, සමාජ සත්කාරක හා පුණ්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හෙක්ටර් අප්පුහාමි මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් පහක්
(ii)    පරිපූරක මුදල — ශීර්ෂය 240 — වැඩසටහන 02

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 ජුනි මස 9 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි