ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 මැයි මස 17 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-05-17

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකෝරළ මහතාගේ අභාවය
C : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගැනීම
D : පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පත්කිරීම
E : පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත ලබාදී ඇති ආරක්ෂාව වැඩි කිරීම

 

නියෝජ්‍ය කථානායකවරයා සහ කාරක සභා සභාපතිවරයා ඡන්දයෙන් තෝරා පත් කිරීම

ගරු අජිත් රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ධුරයට රහස් ඡන්දයෙන් තේරී පත් විය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ

“ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතාට අවසර දෙන ලදී.

(ii)    “විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතාට අවසර දෙන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“මෑතකදී ඇති වූ කෝලාහල හේතුවෙන් පොදු සහ පෞද්ගලික දේපලවලට සිදු වූ හානි” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ඩී. වීරසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1721 ට 2022 මැයි මස 18 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි