ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 අප්‍රේල් මස 08 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-04-08

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
B : ගරු ජයන්ත කැටගොඩ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
C : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ ව‍ාර්ෂික වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ව‍ාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)    2017 වර්ෂය සඳහා මිල්කෝ (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයේ ව‍ාර්ෂික වාර්තාව
(iv)    2019 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ ව‍ාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු බුද්ධික පතිරණ මහතා                    
(ii)    ගරු හර්ෂණ රාජකරුණා මහතා   
                
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

නිශ්චිත ප්‍රඥප්තිවල විධිවිධාන යටතේ සියලුම සිවිල් හෝ අපරාධ නඩු ඇසීම, විභාග කිරීම, තීරණය කිරීම සහ අවසන් කිරීම සඳහා කම්කරු විනිශ්චය අධිකාරවල සභාපතිවරයන්, අතිරේක මහේස්ත්‍රාත්වරයන් ලෙස සැලකීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විශේෂ විධිවිධාන සැලැස්වීම පිණිස වූ

“කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1737 ට 2022 අප්‍රේල් මස 19 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි