2022 අප්‍රේල් මස 07 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-04-07 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඊයේ පැවැති විවාදය පිළිබඳව
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දහවැනි කාණ්ඩයේ සීනි කිලෝ ග්‍රෑම් එකක් සඳහා පනවා තිබුණු විශේෂ භාණ්ඩ බදු රු.50 සිට ශත 25 දක්වා අඩුකිරීමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳව අධ්‍යයනය කිරීම සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - II කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016, 2017, 2018 සහ 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා
(ii) 2018 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ගාමිණී ලොකුගේ මහතා
(ii) ගරු නිමල් ලාන්සා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර විෂය අංක 4 ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-
(i) අධිභාර බද්ද පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමයන් දෙකක්
(iii) අධිකරණයට අපහාස කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1555 ට 2022 අප්‍රේල් මස 8 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






