2022 මාර්තු මස 24 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-03-24 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු රංජිත් සියඹලාපිටිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(ii) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2022 මාර්තු 21 දිනැති අංක 2272/09 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(iii) සංශෝධිත (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 8 සහ 30 වගන්ති සමඟ කියවිය යුතු 32 වගන්තිය යටතේ ආරක්ෂිත සලකුණු සහ ආරක්ෂිත සලකුණු කළමනාකරණ පද්ධතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ඔක්තෝබර් 16 දිනැති අංක 2249/50 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 10/2021 දරන සුරාබදු නිවේදනය)
(iv) කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජනවාරි 01 දිනැති අංක 2260/78 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 01/2022 දරන සුරාබදු නිවේදනය)
(v) කලින් කලට සංශෝධනය කරන ලද (52 අධිකාරය වූ) සුරාබදු ආඥාපනතේ 32 වගන්තිය සමඟ කියවිය යුතු 25 වගන්තිය යටතේ වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජනවාරි 01 දිනැති අංක 2260/79 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
(අංක 02/2022 දරන සුරාබදු නිවේදනය)
(vi) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජනවාරි 06 දිනැති අංක 2261/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3(3) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2022 ජනවාරි 11 දිනැති අංක 2262/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
පොහොර සම්බන්ධ ගැටලු
අමාත්‍යාංශ නිවේදන
ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදුවූ බව පවසමින් කැනඩාවේ ඔන්ටාරියෝ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීම සම්බන්ධයෙන් 2022.03.11 දින ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන් විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙනුවෙන් කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු තාරක බාලසූරිය මහතා විසින් පිළිතුරු සපයන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
සත්ව සුබසාධනය සැලසීම සඳහා සහ සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීම සඳහා ද; (475 වන අධිකාරය වූ) සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
“සත්ව සුබසාධන”
නමැති පනත් කෙටුම්පත ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2021 අප්‍රේල් 05 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගන්නා ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තව දුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබාදී ඇති කාලසීමාව, 2022 මැයි 31 දින දක්වා දීර්ඝ කළ යුතු ය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය ආයුර්වේද සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රෝහණ බංඩාර මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) දේශීය ආදායම් පනත යටතේ යෝජනා සම්මතය
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු මායාදුන්න චින්තක අමල් මහතා
(ii) ගරු වඩිවේල් සුරේෂ් මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමට අයිතිය ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1733 ට 2022 මාර්තු මස 25 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






