ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 මාර්තු මස 23 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-03-23

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු රංජිත් සියඹලාපිටිය මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා  රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii)    2020 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ ව‍ාර්ෂික වාර්තාව

(iii)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 5, 19 සහ 20 වගන්ති සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රව‍ාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 අගෝස්තු 14 දිනැති අංක‍ 2240/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ජයන්ත සමරවීර මහතා
(ii)    ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා          

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ රෙගුලාසි දෙකක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු තලතා අතුකෝරල මහත්මිය
(ii)    ගරු අකිල එල්ලාවල මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“විශ්‍රාමිකයින්ගේ පාරිතෝෂික දීමනාව ගෙවීම ප්‍රමාද වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජේ. සී. අලවතුවල මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1716 ට 2022 මාර්තු මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි