2022 මාර්තු මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-03-22 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු රංජිත් සියඹලාපිටිය මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : “අධිභාර බද්ද” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
C : “සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජිකයන්
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
A.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXII කොටස; සහ
• 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XVI හා XVII කොටස්, පස්වැනි කාණ්ඩයේ I කොටස සහ හයවැනි කාණ්ඩයේ I හා II කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ රජයේ නොවන පාසල් සම්බන්ධයෙන් වන නියාමන ක්‍රියාවලිය සම්බන්ධ කාර්ය සාධන වාර්තාවේ - V කොටස
B.
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
• 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XIV කොටස;
• 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XV කොටස;
• 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXIII හා XXXIV කොටස්, තෙවැනි කාණ්ඩයේ XIV කොටස සහ නවවැනි කාණ්ඩයේ XXVI කොටස; සහ
• 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIV, XXV හා XXVI කොටස්, තෙවැනි කාණ්ඩයේ XIV කොටස සහ නවවැනි කාණ්ඩයේ XI, XII, XIII හා XIV කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දහවැනි කාණ්ඩයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ - I කොටස
(iii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ දේශීය වෙළඳපොළ තුළ ගුණාත්මක භාණ්ඩ අලෙවිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්යභාරය සම්බන්ධ කාර්ය සාධන විගණන වාර්තාවේ - IV කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) 2018 වර්ෂය සඳහා සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(iv) 2019 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v) 2018 සහ 2019 වර්ෂ සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ වාර්ෂික වාර්තා
(vi) 2020 වර්ෂය සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තාව
(vii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(viii) (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 122, 122අ වගන්ති සහ VIIඅ කොටස සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2021 ඔක්තෝබර් 29 දිනැති අංක 2251/63 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
(ii) ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(iii) ගරු ගෝවින්දන් කරුණාකරම් මහතා
(iv) ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
(i) අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
2022 ජනවාරි 21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 මාර්තු 16 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව “ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව” ලෙස නැවත නම් කළ යුතුය
(ii) ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2021 මාර්තු 09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තව දුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාල සීමාව, 2023 අප්‍රේල් 05 දින දක්වා දීර්ඝ කළ යුතු ය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
දෙවැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 86; විරුද්ධව 35) සංශෝධන සහිතව සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු හේෂා විතානගේ මහතා
(ii) ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1710 ට 2022 මාර්තු මස 23 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






