ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 මාර්තු මස 11 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-03-11

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2020 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු අනුර දිසානායක මහතා            - පෙත්සම් තුනයි
(ii)    ගරු බුද්ධික පතිරණ මහතා             - පෙත්සම් හතරයි
(iii)    ගරු චමින්ද වි‍ජේසිරි මහතා                    
(iv)    ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා                    
(v)    ගරු ගුණතිලක රාජපක්ෂ මහතා   
                
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු අනුර දිසානායක මහතා
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට විශ්‍රාම වැටුප් ලැබීම සඳහා සේවය කළ යුතු කාලය සහ විශ්‍රාම වයස

වාරිමාර්ග අමාත්‍ය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු චමල් රාජපක්ෂ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදුවූ බව පවසමින් කැනඩාවේ ඔන්ටාරියෝ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    පහත දැක්වෙන යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-

•    වයස අවුරුදු 60 ඉක්මවා ඇති පුද්ගලයන් සමාජය තුළ සක්‍රිය පුද්ගලයන් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම

සමාජ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රගමනය උදෙසා තම ශ්‍රමය කැප කර වයස  අවුරුදු 60 ඉක්මවීමෙන් පසු සමාජය තුළ නිසි පිළිගැනීමක් නොමැතිව අක්‍රියව කොන්වී සිටින වැඩිහිටියන්, සමාජයේ සක්‍රිය පුද්ගලයන් බවට පත් කිරිමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට පාසල් ප්‍රජාව ඇතුළු මුළු මහත් සමාජයම දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    දේශීය බීජ නිෂ්පාදන ක්‍රියාවලිය පණගැන්වීම

වර්තමානය වනවිට දේශීය බීජ නිෂ්පාදනය විදේශීය සමාගම්වල ග්‍රහණයට හසු වී ති‍බෙන හෙයින් ද, එමඟින් දේශීය කෘෂි කර්මාන්තයට අහිතකර ප්‍රතිඵල අත් වී ඇති හෙයින් ද, මෙම තත්ත්වය වැළැක්වීම සඳහා දේශීය බීජ නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩසටහනක් රජය විසින් දියත් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    ශ්‍රී ලංකාවේ මනෝ උපදේශකවරුන්/ මනෝ චිකිත්සකවරුන් නියාමනය කිරීම

වෘත්තීමය නොවන සහ කිසිදු සායනික පුහුණුවක් නොමැති ව්‍යාජ මනෝ උපදේශකවරුන් සහ මනෝ චිකිත්සකවරුන් ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාර සිදුකරගෙන යෑම නිරීක්ෂණය වී ඇති හෙයින් ද, විවිධ අධ්‍යාපන ආයතනවලින් ඩිප්ලෝමා සහතිකයක් පමණක් ලබාගෙන කිසිදු සායනික පුහුණුවක් හෝ වෘත්තීය ආචාරධර්මයකට අනුගත නොවී විවිධ ආයතන පිහිටුවා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ තමන් මනෝ උපදේශකවරයෙකු/ මනෝ චිකිත්සකවරයෙකු ලෙස හුවා දක්වමින් තම සායනවලට ජනතාව ගෙන්වාගැනීමේ තත්ත්වයක් වර්ධනය වී ඇති හෙයින් ද, මනෝ චිකිත්සකවරු සහ මනෝ උපදේශකවරු මෙන්ම මනෝ උපදේශනය සහ චිකිත්සනය පිළිබඳ ඩිප්ලෝමා හා සහතික පත්‍ර පාඨමාලා නිසි නියාමනයකට ලක්කිරීම, මනෝ-සමාජීය සේවාවන්ට ප්‍රවේශවීමේ දී නිසි ක්‍රියා පිළිවෙතක් සැකසීම, ලිංගික විවිධත්වය තුළ යල් පැනගිය ප්‍රතිකර්ම වන පරිවර්තන චිකිත්සා තහනම් කිරීම යනාදිය පිළිබඳ විශේෂ සැලකිල්ලක් යොමුකර ශ්‍රී ලංකාවාසී පුරවැසියන්ට නිසි මනෝ-සමාජීය සෞඛ්‍ය සේවා ප්‍රවේශයකට මග සලසාදීම සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.


(ii)    ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 45 වශයෙන් සඳහන් වන)

සභාව විසින් සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2022 මාර්තු මස 22 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි