ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 අගෝස්තු මස 26 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-08-26

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   (460 වැනි අධිකාරය වූ) ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 63 වැනි වගන්තියේ (2) වැනි උප වගන්තියේ (ඊ) ඡේදය යටතේ 2013 ඉඩම් අත්පත් කර ගැනීමේ (වන්දි ගෙවීමේ) නියෝග සංශෝධනය සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ජූලි 26 දිනැති අංක 1977/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළවූ නියෝග

(ii)  2014 වර්ෂය සඳහා සී/ස ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ
(iii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව;

(iv)   2016 ජූනි 13 දිනැති අංක 1971/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(v)    2016 ජූනි 13 දිනැති අංක 1971/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(vi)   2016 ජූනි 28 දිනැති අංක 1973/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(vii)  2016 ජූලි 12 දිනැති අංක 1975/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ

පළ කරන ලද නියෝග

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(5) යටතේ වාර්තා පිළිගැන්වීම

පාර්ලිමේන්තුවේ අංක 47(5) දරන ස්ථාවර නියෝගය යටතේ “ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු දයාසිරි ජයසේකර මහතා              - පෙත්සම් දෙකයි
(ii)    ගරු විජිත හේරත් මහතා                     - පෙත්සම් දෙකයි
(iii)   ගරු ජේ. සී. අලවතුවල මහතා                - පෙත්සම් තුනයි
(iv)   ගරු ක. තුරෙයිරෙත්නසිංහම් මහතා
(v)    ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා         - පෙත්සම් දෙකයි
(vi)   ගරු චන්දිම වීරක්කොඩි මහතා              - පෙත්සම් දෙකයි
(vii)  ගරු ලසන්ත අලගියවන්න මහතා            - පෙත්සම් හතරයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i)  ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කිලිනොච්චියේ වන්නේරික්කුලම ප්‍රතිසංස්කරණය කිරීම

(ii) ගරු අනුර දිසානායක මහතා
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 යටතේ විශ්‍රාම වැටුප් විෂමතාව

 

ශෝක ප්‍රකාශ යෝජනාව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ඉඩම් අමාත්‍ය අභාවප්‍රාප්ත ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පිටත වාසය කරන සිසුන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උසස් පෙළ අයදුම් කිරීම නිසා එම දිස්ත්‍රික්කයේ වාසය කරන සිසුන්ට සිදුවී ඇති අසාධාරණය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1738 ට 2016 සැප්තැම්බර් මස 7 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි