ස්ථාවර නියෝග අංක 52
- ස්ථාවර නියෝග 52 යටතේ පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ලැබුණු විට, ස්ථාවර නියෝග 52(4) ප්‍රකාරව එය භාෂා තුනෙන්ම ගැසට් අතිරේකයක් වශයෙන් මුද්‍රණය කරනු ලැබේ.
- ගැසට් පත්‍රයේ මුද්‍රණය කිරීමෙන් දින දාහතරකට පසුව ස්ථාවර නියෝග 52(5) ප්‍රකාරව එකී පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා න්‍යාය පත්‍රයේ ඇතුළත් කරනු ලැබේ.
- පළමුවර කියවීමෙන් පසුව පනත් කෙටුම්පතට අංකයක් දී මුද්‍රණය කරවා ස්ථාවර නියෝග 52(6) ප්‍රකාර වාර්තා කිරීම සඳහා අදාළ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 වැනි වගන්තිය ප්‍රකාරව නීතිපතිගේ නිරීක්ෂණ සහ කැබිනට් අනුමැතිය සමඟ ඇමතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ලැබුණු පසු, පනත් කෙටුම්පත වාර්තාවක් ආකාරයෙන් මුද්‍රණය කරවා සභාගත කරනු ලැබේ.
- මාස හයක් ඇතුළත දී අමාත්‍යවරයාගේ වාර්තාව නොලැබුණහොත් ස්ථාවර නියෝග 52(7) ප්‍රකාරව එය භාර අමාත්‍යවරයා කැමැති දිනයක දෙවැනි වර කියවීම සඳහා පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබේ.
අවසන් යාවත්කාලීන කිරීම 2022-12-21