ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය |
2025-09-22 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු |
2025-09-11 |
|---|
| කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම 2 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─ කාරක සභා වාර්තා පිළිගැන්වීමධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
2025-09-12 |
| 2025 සැප්තැම්බර් මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය) |
2021-07-16 |
| අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලිමේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ `කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ නව ක්‍රමවේදයක් - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය |
2025-09-18 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සියලු හැන්සාඩ් වාර්තා |
සියලු න්‍යාය පත්‍ර |
සියලු පරිපූරක |
සියලු න්‍යාය පුස්තක |
සියලු කාරක සභා වාර්තා |
|
||||||||||||||
පිළිතුරු දුන්
|
පිළිතුරු දීමට නියමිත
|
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වීම සඳහා සුදුසුකම්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 ව්‍යවස්ථාවට අනුව ඡන්ද දායකයකු වීමට සුදුසුකම් ලබන ඕනෑම පුද්ගලයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට සුදුසු වන අතර එසේ සුදුසුකම් නොලබන්‌නේ 91 ව්‍යවස්ථාවේ පහත සඳහන් කාරණා යටතේ නුසුදුස්‌සකු වුවහොත් පමණකි.
- එම පුද්ගලයා ජනරජයේ ජනාධිපති නම් හෝ අධිකරණයේ නිලධාරියකු නම් හෝ රජයේ නිලධාරියකු හෝ රාජ්‍ය සංස්ථාවක නිලධාරියකු නම් (මෙහිදී සලකා බැලිය යුතු කාරණයක් වන්‌නේ රජයේ නිලධාරියකු හෝ රාජ්‍ය සංස්ථාවක නිලධාරියකු නුසුදුස්‌සකු වීම සැලකෙනුයේ එම පුද්ගලයා දැනට දරන තනතුර සඳහා හෝ එම තනතුර 1970.11.18 ට පසු ස්ථාපිත කරන ලද්දක් නම් එම තනතුර ස්ථාපිත කළ මුල් දිනයේ වැටුප් පරිමාණය අනුවය. මෙම පදනම යටතේ මූලික වැටුප වසරකට රු. 7200 ඉක්මවන්‌නේ නම් පමණක් නුසුදුස්‌සකු වීම අදාළ වේ.)
- එම පුද්ගලයා පොලිසියේ, හමුදාවේ, නාවික හමුදාවේ හෝ ගුවන් හමුදාවේ සාමාජිකයකු නම්.
- එම පුද්ගලයා පවතින නීතිය යටතේ බංකොළොත්භාවයෙන් නොමිදුණ පුද්ගලයකු ලෙස ප්‍රකාශයට පත්කර ඇත්නම්.
- එම පුද්ගලයා පාර්ලිමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර ඇති ආකාරයේ, රජය හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් ඇතිකරගත් කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ කිසියම් උනන්දුවක් දක්වන්‌නකු නම් (මෙම නුසුදුසුකමට ආදළ වන කොන්ත්‍රාත් වර්ග මොනවාද යන්න පාර්ලිමේන්තුව විශේෂයෙන් සඳහන් කර නොමැති බව සැළකිය යුතුය. කළින් පැවැති ව්‍යවස්ථාවේ නුසුදුසුවීමට අදාළ කරණු වලංගු විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.)
- යම් පුද්ගලයෙකු ඡන්ද කොට්ඨාස එකකට වැඩි සංඛ්‍යාවක් සඳහා මන්ත්‍රීධූරාපේක්ෂකයකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කොට ඇත්නම් හෝ එකම දිස්ත්‍රික්කයක් සඳහා දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් කිහිපයක අපේක්ෂකයකු ලෙස පෙනී සිටින්‌නේ නම්.
නාම යෝජනා සඳහා අවශ්‍යතා
නාම යෝජනා සඳහා අවශ්‍ය කරන කාරණා සම්බන්ධව විධිවිධාන සංශෝධිත 1981 අංක 01 දරන පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතෙහි දක්වා ඇත. මෙම පනතෙහි 10 වන වගන්තියේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු බවට ජනාධිපතිවරයා විසින් කරනු ලබන ප්‍රකාශයෙහි තේරීම් භාර නිලධාරියා නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව සහ මැතිවරණය පැවැත්‌වෙන දිනය සඳහන් විය යුතුය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවට සිදුකළ ප්‍රකාශයෙන් පසුව මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂා කරන සෑම දේශපාලන පක්ෂයක්ම දින හතක් ඇතුළත එසේ තරඟ කිරීම සඳහා වූ තමන්‌ගේ අභිමතය ලිඛිතව කොමසාරිස්වරයාට දැන්විය යුතු අතර (11 වන කොටස පරිදි) කොමසාරිස්වරයා විසින් එම දේශපාලන පක්ෂයට පිළිගත් ඡන්ද ලකුණක් ලබා දිය යුතුය. අනුමත කරන ලද ඡන්ද ලකුණත් සම්බන්ධ ඕනෑම මත භේදයක් පිළිබඳ අවසන් තීරණය ඡන්ද කොමසාරිස්වරයා සතුය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(3) වගන්තියේ දක්වා ඇති පරිදි පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන අපේක්ෂකයන් කණ්ඩායමක් එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහා වූ අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් කොට එක් නාම යෝජනා පත්‍රයක් භාරදිය යුතුය. නාම යෝජනා පත්‍රයේ සෑම ඡන්ද කොට්ඨාශයකින්ම තෝරාපත්කර ගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවට තව තුනක් එකතු කරන ලද විට ලැබෙන සංඛ්‍යාවට සමාන නම් ප්‍රමාණයක් ඇතුළත් කළ යුතුය. නාම යෝජනා පත්‍රය පනතේ පළමුවන උපලේඛනයේ A ආකෘතියෙහි ආකාරයට සකස් විය යුතුය. සෑම අපේක්ෂකයකුම නාම යෝජනා ඉදිරිපත් කරනු ලැබීම පිළිබඳව තම කැමැත්ත තහවුරු කළ යුතු අතර නාම යෝජනා පත්‍රය අදාළ දේශපාලන පක්ෂයේ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායමක් නම් කණ්ඩායම් නායකයා හෝ අත්සන් කළ යුතු අතර එම අත්සන් සාම විනිසුරුවරයකු හෝ ප්‍රසිද්ධ නොතාරිස්වරයකු විසින් සහතික කළ යුතුය.
නාම යෝජනා පත්‍රය, නාම යෝජනා භාරදීමට නියමිත කාල සීමාව තුළ සාමාන්‍ය රාජකාරි වේලාව තුළදී එම පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයා හෝ ඔහුගේ බලයලත් නියෝජිතයකු විසින් තේරීම් භාර නිලධාරියා වෙත ඔහුගේ කාර්යාලයට ගෙනවිත් භාරදිය යුතුය.
තේරීම් භාර නිලධාරියා සෑම නාම යෝජනා පත්‍රයකම පිටපතක් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කිරීමට බැඳී සිටියි.
1981 අංක 01 දරන පාර්ලිමේන්තු ඡන්ද විමසීම් පනතේ 16 වැනි වගන්තියට අනුව ස්වාධීන කණ්ඩායමක කණ්ඩායම් නායකයා නාම යෝජනා භාර දෙන අවස්ථාවේ රු. 2000 ක තැන්පතුවක් තැබිය යුතු අතර එම කණ්ඩායම මැතිවරණයේදී සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් 1/8 කට අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගත හොත් එම තැන්පතුව රාජසන්තක වේ.
නාම යෝජනා පත්‍ර ප්‍රතික්‌ෂේප වන අවස්ථා 19 වගන්තියේ දක්වා ඇති පරිදි වේ. ඒවා නම් නීතියේ සඳහන්ව ඇති ආකාරයන්ට අනුකූලව භාර දී නොතිබීම, අවශ්‍ය කරන අපේක්ෂකයන් සංඛ්‍යාව නොමැති වීම, කිසියම් අපේක්ෂකයකු තම කැමැත්ත සහතික කොට නොතිබීම, හෝ පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයාගේ අත්සන නොමැති වීම හෝ නීතියෙන් අපේක්ෂා කරන පරිදි එම අත්සන සහතික කොට නොතිබීම වේ. නාම යෝජනා පත්‍ර සඳහා විරෝධතා භාර ගැනීම නාම යෝජනා භාර ගන්නා අවසාන දිනයේ මධ්‍යාහ්න 12.00 ත් ප.ව. 1.30 ත් අතර සිදු කරනු ලැබේ.
මැතිවරණ පැවැත්වීම
මැතිවරණය පැවැත්වීමේ සම්පූර්ණ බලය පාර්ලිමේන්තු මැතිවරණ පනත (සංශෝධිත) යටතේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වෙත පැවරී ඇති අතර එම බලය දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 17 වැනි සංශෝධනය ප්‍රකාරව මැතිවරණ කොමිසම වෙත පැවරී ඇත. XIV අ යනුවෙන් අංක යොදා ඇති මෙම සංශෝධනයේ නව විධිවිධාන රාශියක් හඳුන්වා දී ඇත. මෙම පරිච්‌ඡේදයේ 103(1) වගන්තිය මගින් සලසා ඇති විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිසම, ව්‍යවස්ථාදායක සභාවේ නිර්‌දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වේ. එම සාමාජිකයන් අතුරින් එක් පුද්ගලයෙකු සභාපති ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති අතර එය සිදුකළ යුත්‌තේ ද ව්‍යවස්ථාදායක සභාවේ නිර්‌දේශය මතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනයේ 27(2) වගන්තියෙහි අඩංගු අන්තර් විධිවිධාන වලට අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මැතිවරණ කොමිසමට පවරා ඇති බලතල හා කර්තව්‍යයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සිදු කරයි.
සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක් සම්බන්ධවම මැතිවරණ පැවැත්වීමේ කටයුතු තේරීම් භාර නිලධාරිවරයා ලෙස නම් කළ පුද්ගලයෙක් වෙත පැවරෙන අතර ඔහුගේ මැතිවරණ දිස්ත්‍රික්කයේ එක් එක් ඡන්ද මධ්‍යස්ථාන භාරව කටයුතු කිරීමට ඡන්ද ස්ථානාධිපතිවරයින් ඔහු විසින් පත් කරනු ඇත (28 වගන්තිය).
ඡන්ද ගණන් කිරීම හා ප්‍රතිඵල ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි IV වන කොටසෙහි අඩංගුව ඇත. දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා ඡන්ද ගණන් කිරීම භාරව කටයුතු කරන අතර එක් එක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් භාරව සිටීම සඳහා ගණන් කිරීමේ නිලධාරීන් පත් කිරීමේ බලය ඔහු සතුය. (49 වගන්තිය) පනතෙහි 60 වන වගන්තිය අනුව තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ඉටු කරයි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම















