ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

chamber-front

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

තවදුරටත්

chamber-front

දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

තවදුරටත්

Parliament

2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

වාර්තාව
  • දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

    අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

    තවදුරටත්

  • දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

    2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

    තවදුරටත්

  • 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

    වාර්තාව


ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

2025-09-22
1
ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (සැප්. 22) සිය සහතිකය සටහන් කළේය. විගණන (සංශෝධන) පනත් කෙටුම්පත  2025.07.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 2025.09.11 දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී   සම්මත විය. මෙම ජාතික විගණන (සංශෝධන) පනත්  කෙටුම්පත  මගින්  2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම  අරමුණ  කර ඇත.  ඒ අනුව විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන අධිභාර පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා එහි සංයුතිය, කාල සීමාවන් සහ ක්‍රියා පටිපාටි ඇතුළුව අධිභාර සමාලෝචන කමිටුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැපයීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී ඇත. තවද වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට විගණකාධිපතිවරයාට බලතල ලබාදීම සහ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස පහේ සිට මාස හයක් දක්වා දීර්ඝ කිරීම ප්‍රධාන වෙනස්කම් අතරට ඇතුළත් වේ.  තවද, සංශෝධන මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 42 සහ 43 වගන්ති යටතේ වැරදි සිදු කරන පුද්ගලයින් සඳහා දඬුවම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමද සිදු කර ඇත. ඒ අනුව මෙම ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  2025 අංක 19 දරන ජාතික විගණන (සංශෝධන) පනත  ලෙස බලාත්මක වේ.      
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-22 ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට ...
2025-09-18 ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ...
2025-09-17 පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා...
2025-09-17 කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය...
2025-09-12 2026 අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා -...
තවත්

2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු

2025-09-11
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම 2 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─ කාරක සභා වාර්තා පිළිගැන්වීමධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-11 2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු
2025-09-10 2025 සැප්තැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු
2025-09-09 2025 සැප්තැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු
2025-08-22 2025 අගෝස්තු මස 22 වැනි දින සභාවේ කටයුතු
2025-08-21 2025 අගෝස්තු මස 21 වැනි දින සභාවේ කටයුතු
තවත්

සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

2025-09-12
2025 සැප්තැම්බර් මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-  
තවදුරටත් කියවන්න

රැස්වීම් සතියේ
පළමු දිනය
මාතෘකාව
2025-09-23 සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-09-09 සැප්තැම්බර් මස පළමුවැනි රැස්වීම් සතියේ...
2025-08-19 අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-08-05 අගෝස්තු මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-07-22 ජූලි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු
තවත්

මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය)

2021-07-16
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලි‍මේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ ‍`කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2021-07-16 මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි...
2021-07-02 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස දෙවැනි...
2021-06-21 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස පළමුවැනි...
2021-05-12 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස පළමුවැනි...
2015-05-25 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස දෙවැනි...
තවත්

තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ නව ක්‍රමවේදයක් - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

2025-09-18
1
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. මේ පිළිබඳ අදහස් පළ වුයේ වැවිලි සහ ප්‍රජා...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-18 තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ ...
2025-09-18 තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ...
2025-09-18 මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය...
2025-09-17 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පතට...
2025-09-17 භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය...
තවත්

මේ මොහොතේ සජීවී විකාශයක් නොමැත.

සභා සැරිය

පාර්ලිමේන්තු සභා ගර්භයේ 360° පරිදර්ශනය..නරඹන්න

ඡායාරූප ගැලරිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුවේ ඡායාරූප..නරඹන්න

වාර්තා චිත්‍රපටිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව පිළිබඳ වාර්තා චිත්‍රපටිය නරඹන්න..නරඹන්න

රීති හා ක්‍රියා පටිපාටිය

පාර්ලිමේන්තු රැස්වීමකදී, එදිනට නියමිත ප්‍රධාන වැඩකටයුතු අවසාන වූ විට සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයකුට ඉදිරිපත් කළ හැකිය.

 

එවැනි සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවකට පැයක කාලයක් වෙන් කරන අතර එය හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණාවක් සම්බන්ධයෙන් විය යුතුය.

 

සභාව කල් තබන අවස්ථාවේ දී යෝජනාව වෙනුවට ප්‍රශ්න ඇසීමටද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල විධිවිධාන ඇත.

 

එවැනි යෝජනාවක් හෝ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූල නොවේ නම් ඊට ඉඩ ලබා නොදීමට කථානායකවරයාට හැකිය.

 

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාද කාල සීමාවේදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් හෝ සභාව කල් තබන අවස්ථාවේ ප‍්‍රශ්න සඳහා මිනිත්තු 30 ක කාලයක් පමණක් වෙන්කරනු ලැබේ.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මන්ත්‍රීවරයා විසින් ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා හෝ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා මඟින් ඊට ‌පෙර දින මධ්‍යාහ්න 12.00 ට පෙර පාර්ලි‌මේන්තු‌‌වේ මහ‌ ලේකම්වරයා ‌වෙත ‌අදාළ යෝජනාව ලිඛිතව ඉදිරිපත් කළ යුතු ය.

 

පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම්වරයා විසින් එහි පිටපතක් අදාළ අමාත්‍යාංශය වෙත යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සභානායක ලේකම්වරයා වෙත යොමු කරනු ලැ‌බේ.

 

කෙ‌සේ වෙතත් එවැනි ‌යෝජනාවක ඇතුළත් විෂය කරුණු අධිකරණයක විනිශ්චයට භාජනය වෙමින් පවතින්නේ නම් ‌හෝ පාර්ලිමේන්තු‌වේ එකම සභාවාර‌යකදී ඒ හා සමාන ‌යෝජනාවක් විවාද කර තිබේ නම් ඊට අවසර ‌දෙනු නොලැබේ.

 

යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සභාව කල් තබන අවස්ථාවේ ‌යෝජනාවක් ඉදිරිපත් කළ විට ‌වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් එය ස්ථිර කළ යුතු අතර විවාදය අවසාන‌යේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ඊට පිළිතුරු සපයන අතර විවාදයේදී ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශ්වය සඳහා මිනිත්තු 30 ක් බැගින් කාලය වෙන් කරනු ලැබේ.

 

සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පිළිබඳව ඡන්ද විමසීමකට අවස්ථාව ‌නොමැත.

 

 

පාර්ලි‌මේන්තු කටයුතු පිළිබඳ කාරක සභා‌වේ එකඟතාව අනුව සාකච්ඡාවට ගැ‌නෙන කල් තැබී‌මේ ‌යෝජනා

 

දේශපාලන පක්ෂ නායකයන් හෝ ඔවුන්ගේ නි‌යෝජිතයන් විසින් පාර්ලි‌මේන්තු‌ කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණය පරිදි දිනයක් හා වේලාවක් නියම ‌කර  ගැනීමෙන් අනතුරුව පැයකට වඩා වැඩි කාලයක හෝ සම්පූර්ණ දිනක විවාදයක් වෙන් කර ගැනීමෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්විය හැකිය.

 

 

කල් තැබී‌මේ ‌යෝජනාවල උප‌යෝගිතාවය

 

පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හදිසි ‌පොදු වැදගත් නිශ්චිත කාරණයක් සම්බන්ධයෙන් කෙටි දැනුම් දීමකින් පාර්ලි‌මේන්තු‌වේත් අදාළ විෂයය භාර අමාත්‍යවරයාගේත් අවධානය ‌යොමු කිරීමට හැකි උපක්‍රමයකි.

 

පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ ‌යෝජනා

පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ ‌යෝජනා යනු කුමක්ද?

පාර්ලි‌මේන්තු‌ව ‌වෙත ඉදිරිපත් ‌කෙ‌රෙන ‌යෝජනා "Motions" යනු‌වෙන් ඉංග්‍රීසි‌යෙන් හැඳින්‌වේ. සාමාන්‍ය මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන ‌යෝජනා “පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ ‌යෝජනා” යනු‌වෙන් හැඳින්‌වේ. ඕනෑම මන්ත්‍රීවරයකුට ‌පොදු ජනයාට වැදගත්කමකින් යුත් කාරණයක් පිළිබඳව යම්කිසි ‌යෝජනාවක් ඉදිරිපත් කළ හැකි අතර ඒවා පිළිබඳව විවාද කිරීම ‌හෝ ඒවා බැහැර කිරීම සිදු‌වේ.


පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ ‌යෝජනා ඉදිරිපත් කළ හැකි වන්නේ ‌කවුරුන් විසින්ද?

ආණ්ඩු‌වේ ‌හෝ පාර්ලි‌මේන්තු‌‌වේ සභාව තුළ තානාන්තර ‌නොදරන පාර්ලි‌මේන්තු‌ මන්ත්‍රීවරුන්ට ‌මෙම ‌යෝජනා ඉදිරිපත් කළ හැකිය. කථානායක, නි‌යෝජ්‍ය කථානායක, නි‌යෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක, ප්‍රධාන සංවිධායකවරුන්, අමාත්‍යවරුන් සහ නි‌යෝජ්‍ය අමාත්‍යවරුන් යන අයට ‌මෙම ‌යෝජනා ඉදිරිපත් කළ ‌නොහැක.


විෂය ‌ක්‌ෂේත්‍ර ‌මොනවාද?

ඒවා ඕනෑම විෂයයක් සම්බන්ධ‌යෙන් විය හැකිය. මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීම, ජනාධිපති ‌කොමිසම් පත් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ‌කාරණා වැනි වැදගත් කාරණා ‌බො‌හොමයක් පිළිබඳව ‌යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇත.


ඒවා පිළිබඳව විවාද ‌සිදු වන්නේ ‌කෙ‌සේද?

මාස‌යේ ප්‍රථම සිකුරාදා දින ඒවා ‌යෝජනා ‌කොට විවාදයට භාජනය කරනු ලැ‌බේ. එනමුදු විශ්වාස භංග ‌යෝජනාවක් ති‌බේනම්, එය ‌පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ ‌යෝජනාවක් වුවද එයට ප්‍රමුඛත්වය ලැ‌බේ. ඒවා ආණ්ඩුපක්ෂ‌යේ කාලය ඇතුළත විවාදයට ගනු ලැ‌බේ. ‌පෞද්ගලික මන්ත්‍රීන්‌ගේ යෝජනාවක් විනාඩි 90 ක කාලයක් විවාදයට භාජනය කරනු ලැබේ. එයට අදාළ විෂයය භාර අමාත්‍යවරයාට කාරණය පිළිබඳ සිය අදහස් ඉදිරිපත් කළ හැකිය.


කාර්ය පටිපාටිය කුමක්ද?

  • පාර්ලි‌මේන්තු‌වේ මහ‌ලේකම් ‌වෙත ‌යෝජනාව පිළිබඳ දැනුම් දීම සිදුකළ යුතුය. කථානායක එම ‌යෝජනාව පිළිගන්‌නේ නම්, එය න්‍යාය පුස්තක‌යේ ඇතුළත් කරනු ලැ‌බේ. එ‌සේ වුවත් සම්පූර්ණ දින 05 ක් ඉක්ම යාමට ‌පෙර එය විවාදයට භාජනය ‌නොකළ යුතුය.

  • තමා නමින් ඇති ‌යෝජනාවක් ‌යෝජනා කරනු පිණිස අදාළ මන්ත්‍රීවරයා‌ගේ නම අඬගසන ලදුව, ඔහු එම ‌යෝජනාව ඉදිරිපත් ‌නොකළ විට ඔහු විසින් නිසි පරිදි බලය පවරනු ලැබූ ‌වෙනත් මන්ත්‍රීවරයකු ඔහු ‌වෙනු‌වෙන් එය ‌යෝජනා කර ‌නොසිටිය‌හොත්, එම ‌යෝජනාව ඉවත් කරනු ලබන්‌නේය.

  • යෝජනාවක් ‌වෙනත් පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකු විසින් ස්ථිර කරනු ලැබිය යුතුය.

  • යම් ‌යෝජනාවක් ඉදිරිපත් කළ මන්ත්‍රීවරයකුට පාර්ලි‌මේන්තු‌‌වේ අවසරය ඇතිව එම ‌යෝජනාව ඉවත් කර ගත හැකිය.


පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි