ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

chamber-front

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

තවදුරටත්

chamber-front

දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

තවදුරටත්

Parliament

2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

වාර්තාව
  • දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

    අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

    තවදුරටත්

  • දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

    2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

    තවදුරටත්

  • 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

    වාර්තාව


ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

2025-09-22
1
ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (සැප්. 22) සිය සහතිකය සටහන් කළේය. විගණන (සංශෝධන) පනත් කෙටුම්පත  2025.07.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 2025.09.11 දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී   සම්මත විය. මෙම ජාතික විගණන (සංශෝධන) පනත්  කෙටුම්පත  මගින්  2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම  අරමුණ  කර ඇත.  ඒ අනුව විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන අධිභාර පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා එහි සංයුතිය, කාල සීමාවන් සහ ක්‍රියා පටිපාටි ඇතුළුව අධිභාර සමාලෝචන කමිටුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැපයීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී ඇත. තවද වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට විගණකාධිපතිවරයාට බලතල ලබාදීම සහ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස පහේ සිට මාස හයක් දක්වා දීර්ඝ කිරීම ප්‍රධාන වෙනස්කම් අතරට ඇතුළත් වේ.  තවද, සංශෝධන මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 42 සහ 43 වගන්ති යටතේ වැරදි සිදු කරන පුද්ගලයින් සඳහා දඬුවම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමද සිදු කර ඇත. ඒ අනුව මෙම ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  2025 අංක 19 දරන ජාතික විගණන (සංශෝධන) පනත  ලෙස බලාත්මක වේ.      
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-22 ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට ...
2025-09-18 ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ...
2025-09-17 පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා...
2025-09-17 කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය...
2025-09-12 2026 අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා -...
තවත්

2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු

2025-09-11
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම 2 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─ කාරක සභා වාර්තා පිළිගැන්වීමධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-11 2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු
2025-09-10 2025 සැප්තැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු
2025-09-09 2025 සැප්තැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු
2025-08-22 2025 අගෝස්තු මස 22 වැනි දින සභාවේ කටයුතු
2025-08-21 2025 අගෝස්තු මස 21 වැනි දින සභාවේ කටයුතු
තවත්

සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

2025-09-12
2025 සැප්තැම්බර් මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-  
තවදුරටත් කියවන්න

රැස්වීම් සතියේ
පළමු දිනය
මාතෘකාව
2025-09-23 සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-09-09 සැප්තැම්බර් මස පළමුවැනි රැස්වීම් සතියේ...
2025-08-19 අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-08-05 අගෝස්තු මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-07-22 ජූලි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු
තවත්

මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය)

2021-07-16
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලි‍මේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ ‍`කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2021-07-16 මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි...
2021-07-02 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස දෙවැනි...
2021-06-21 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස පළමුවැනි...
2021-05-12 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස පළමුවැනි...
2015-05-25 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස දෙවැනි...
තවත්

තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ නව ක්‍රමවේදයක් - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

2025-09-18
1
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. මේ පිළිබඳ අදහස් පළ වුයේ වැවිලි සහ ප්‍රජා...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-18 තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ ...
2025-09-18 තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ...
2025-09-18 මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය...
2025-09-17 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පතට...
2025-09-17 භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය...
තවත්

මේ මොහොතේ සජීවී විකාශයක් නොමැත.

සභා සැරිය

පාර්ලිමේන්තු සභා ගර්භයේ 360° පරිදර්ශනය..නරඹන්න

ඡායාරූප ගැලරිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුවේ ඡායාරූප..නරඹන්න

වාර්තා චිත්‍රපටිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව පිළිබඳ වාර්තා චිත්‍රපටිය නරඹන්න..නරඹන්න

ඡන්දය ප්‍රකාශ කිරී‌මේ පරමාර්ථය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තු‌වේ විවිධ අරමුණු සඳහා ඡන්දය විමසනු ලැ‌බේ.

 

පාර්ලි‌මේන්තුව විසින් ජනාධිපතිවරයා තෝරා පත්කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) (ආ) ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගනු ලැබීමේ අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 7 හි සඳහන් කාර්ය පටිපාටියට අනුව රහස් ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා හැකිතාක් ඉක්මනින් තෝරා පත් කර ගත යුතුය.

"අනුප්‍රාප්තික ජනාධිපතිවරයා" තෝරා පත්කර ගැනීම පිළිබඳව තවදුරටත්

 

කථානායකවරයා, නි‌යෝජ්‍ය කථානායකවරයා සහ නි‌යෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම

අභිනව‌යෙන් පත්වූ පාර්ලි‌මේන්තුවක පළමු කාර්යය වනු‌යේ මූලාසනය දැරීම ‌සඳහා ඉහත සඳහන් ධූරයන් වෙනුවෙන් මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීමයි. අභිනව පාර්ලි‌මේන්තුවක ප්‍රථම රැස්වී‌මේදී ‌හෝ තනතු‌රේ පුරප්පාඩුවක් පැනනැගුණු කල්හි ‌හෝ කථානායකවර‌යෙකු පත්කර ගත යුතු‌වේ. මෙහිදී පාර්ලි‌මේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 4 හි සඳහන් කාර්ය පටිපාටිය අනුගමනය කරනු ලැබේ.

එම ස්ථාවර නියෝගයෙහි සඳහන් පරිදි කථානායක ධූරයට යම් මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට ට වෙනත් මන්ත්‍රීවරයකුට හැකිය. (මෙහිදී එකී ධූරයෙහි කටයුතු කිරීමට අදාළ මන්ත්‍රීවරයා රිසි ද යන්න කලින් විමසා දැනගත යුතුය.) එක් නමක් පමණක් යෝජනා වී එය ස්ථීර කරනු ලැබූ විට, එම නම සඳහන් මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස තෝරා පත්කර ගනු ලැබූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ප්‍රශ්නය ‌නොවිමසා ප්‍රකාශයට පත්කළ යුතු ‌වේ. එනමුත් කථානායක ධූරය සඳහා එකකට වැඩි  නම් සංඛ්‍යාවක් ‌යෝජනා ‌කොට ස්ථිර කරනු ලැබ ඇත්නම් ඡන්දය විමසිය යුතු වේ. බෙදුම් සීනු මිනිත්තු පහක් නාදකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහ ‌ලේකම්වරයා විසින් සෑම මන්ත්‍රීවර‌යකුටම ඡන්ද පත්‍රිකාව බැගින් ලබාදිය යුතු අතර මන්ත්‍රීවරයන් විසින් ඡන්දය දීමට රිසි මන්ත්‍රීවරයාගේ නම ලියනු ලැබීමෙන් අනතුරුව නම නොපෙනෙන ලෙස ඡන්ද පත්‍රිකාව නමා සිය අත්සන ද එහි යෙදිය යුතුය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහ ‌ලේකම්වරයා විසින් ඡන්ද පත්‍රිකා එකතුකර පාර්ලි‌මේන්තුවේ සභාමේසය මත දී ගණනය කර ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කළ යුතුය. ‌ නි‌යෝජ්‍ය කථානායකවරයකු සහ නි‌යෝජ්‍ය කාරක සභා සභාපතිවරයකු තෝරා පත්කර ගනු ලැබීමේ කාර්ය පටිපාටිය එම ඡන්ද විමසීම කථානායකවරයා විසින් පවත්වනු ලැබිය යුතු බව හැර, කථානායකවරයකු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමේ දී අනුගමනය කරනු ලබන කාර්ය පටිපාටියට හැකි තරම් සමාන විය යුතුය.

 

වි‌ශේෂ බහුතරය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සං‌ශෝධන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වූ පනත් ‌කෙටුම්පත්, ආ‌යෝජන ගිවිසුම් සහ එකඟතාවන් සම්මත කර ගැනී‌මේදී වි‌ශේෂිත වූ ක්‍රියාපිළි‌වෙතක් අනුගමනය කළ යුතු ‌වේ. ‌මේ අවස්ථා‌වේදී වි‌ශේෂ බහුතරය (2/3) අවශ්‍ය ‌වන අතර අනාගත‌යේදී විමසා බැලිය හැකි වන පරිදි නිශ්චිතව න‌මෙන් සටහන් තබාගත යුතුය. ‌මෙකී වි‌ශේෂ බහුතර ඡන්දය ‌දෙවැනි වර කියවී‌මේදී පමණක් ‌නොව, ‌තෙවැනි වර කියවී‌මේදීත් ලබාගත යුතු ‌වේ. කාරක සභා අවස්ථා‌වේදී ‌ගෙන එන සියලුම සං‌ශෝධනයන්ට ද තු‌නෙන් දෙ‌කේ බහුතර ඡන්දය අවශ්‍ය ‌වේ.

 

තීරක ඡන්දය

මන්ත්‍රීවරුන්ගේ ඡන්ද සමානව බෙදී ඇති අවස්ථාවක දී කථානායකවරයා ‌හෝ මූලාසනාරූඪ මන්ත්‍රීවරයාට සිය තීරක ඡන්දය ප්‍රකාශ කිරීමට අවසරය ති‌බේ.

 

බහුතර ඡන්ද විස්සක අවශ්‍යතාවය

ඇතැම් ‌යෝජනා සම්මත කර ගැනී‌මේදී සභාවේ ගණපූරණය (20) තිබිය යුතුය. යම්කිසි විශේෂිත කටයුත්තක් පිළිබඳව සලකා බැලීමට හෝ ඒ පිළිබඳව අභිමත පරිදි ක්‍රියාකිරීමට පමණක් ඕනෑම අවස්ථාවකදී මන්ත්‍රීවරයන්ගේ බහුතරය විසින් දැනුම්දීමකින් ‌අනතුරුව, ස්ථාවර නි‌යෝග එකක් ‌හෝ ඊට වැඩි ගණනක් අත්හිටුවීමට අවශ්‍ය විධිවිධාන පාර්ලි‌මේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 138 හි දක්වා ති‌බේ. කෙ‌සේ නමුත් ‌මෙකී නි‌යෝගය ප්‍රකාර ‌ගෙන එනු ලබන ‌යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු විසින් ගෙන එනු ලැබූ අවස්ථාවකදී හැර අන් අවස්ථාවකදී ඡන්දයකින් තීරණය කළ යුතු අතර, ඊට සහාය දක්වමින් ඡන්දය දී ඇත්‌තේ මන්ත්‍රීවරු විසි දෙ‌නෙකුට අඩු සංඛ්‍යාවක් නම් එම ‌යෝජනාව පරාජය වූ බවට ප්‍රකාශයට පත් කළ යුතු‌වේ.

 

කල් තැබීමේ යෝජනා

හැඳින්වීම


පාර්ලිමේන්තුව කල් තැබීම

පාර්ලිමේන්තුව ඊළඟ රැස්වන දිනය තෙක් කල් තැබීම වේ.

 

එසේ වුවද පැය හතළිස් අටකට වැඩි කල් තැබීමකදී, අග්‍රාමාත්‍යවරයා විසින් කථානායකවරයාට කරන ඉල්ලීමක‍ට අනුව ද පාර්ලිමේන්තුව කැඳවීමට හැකිය.

 

දිනට නියමිත ප්‍රධාන වැඩකටයුතු අවසන් වූ පසු පාර්ලිමේන්තුව ඊළඟ දිනයට කල් තැබීමට පෙර හදිසි පොදු වැදගත්කමක් ඇති කාරණයක් සාකච්ඡා කිරීමට පැය බාගයක කාලයක් වෙන් කරනු ලැබේ.

 

 

කල් තැබී‌මේ ‌යෝජනා වර්ග

 

අ. හදිසි පොදු වැදගත්කමකින් යුක්ත කාරණා සාකච්ඡා කිරීම. (පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌‌යෝග අංක 19 බලන්න.)
ආ. සභාවේ ප්‍රධාන වැඩකටයුතු අවසන් කිරීමෙන් පසුව “සභාව කල් තබන අවස්ථාවේ ‌යෝජනා” සඳහා පැය බාගයක කාලයක් වෙන් කිරීම.(පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 20 බලන්න.)
ඇ. පාර්ලි‌මේන්තු‌ කටයුතු පිළිබඳ කාරක සභා‌වේ තීරණය පරිදි ඉදිරිපත් කළ ‌හැකි යෝජනා.

 

 

කල් තැබී‌මේ ‌යෝජනා

(පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග අංක 19)

 

මෙවැනි කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමේදී රැස්වීම ආරම්භ කිරීමට පෙර කථානායකවරයාගේ එකඟත්වය ලබා ගැනීමට ලිඛිත දැනුම් දීමක් කළ යුතු ය. පාර්ලිමේන්තුවේ අවසරය ද ලබා ගත යුතු ය.

 

එසේ පාර්ලිමේන්තුවේ අවසරය නොලැබුණු අවස්ථාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 20ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිය ආසන වලින් නැඟී සිට එම ඉල්ලීමට සහය දැක්වූ විට යෝජනාව ඉදිරිපත් කිරීමට හැකිය.

 

එවැනි අවසර ලත් යෝජනාවක් අ.භා. 5.00 ට ඉදිරිපත් කිරීමට හැකිය. යම් දිනකදී එවැනි  යෝජනා එකකට පමණක් ඉඩ දෙනු ලැබේ.

 

තවද, කථානායකවරයා එකඟත්වය ලබා දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදී එම යෝජනාවේ අනුමත කරන ලද කොටස අදාළ මන්ත්‍රීවරයාට කියවීමට ඉඩ දෙනු ලැබේ. ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කාරණා කථානායකවරයා විසින් සභාවට ප්‍රකාශ කළ යුතු ය.

 

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි