ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය |
2025-09-22 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු |
2025-09-11 |
|---|
| කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම 2 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─ කාරක සභා වාර්තා පිළිගැන්වීමධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
2025-09-12 |
| 2025 සැප්තැම්බර් මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය) |
2021-07-16 |
| අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලිමේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ `කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ නව ක්‍රමවේදයක් - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය |
2025-09-18 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සියලු හැන්සාඩ් වාර්තා |
සියලු න්‍යාය පත්‍ර |
සියලු පරිපූරක |
සියලු න්‍යාය පුස්තක |
සියලු කාරක සභා වාර්තා |
|
||||||||||||||
පිළිතුරු දුන්
|
පිළිතුරු දීමට නියමිත
|
පාර්ලිමේන්තු විවාදයන් පිළිබද රීති
පාර්ලිමේන්තුවේ විධිමත් ක්‍රියාකාරීත්වය පහසු කරවනු පිණිස රීති හා ක්‍රියා පටිපාටීන් සකස් කොට අනුගමනය කරනු ලැබේ. මෙම රීති බලාත්මක කිරීමෙන් සභාවේ පැවැත්වෙන විවාද වල ප්‍රමිතිය වර්ධනය කළ හැකිය. නීති සම්මත කිරීමේදී ද, වාර්ෂික අයවැය අනුමත කිරීමේ දී හා අනෙකුත් කාරණා වලදී ද පාර්ලිමේන්තු විවාදවලට සහභාගී වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදුවේ. පාර්ලිමේන්තු ක්‍රමයක දී සියලුම අදහස්, මත හා සංකල්ප විධිමත් ආකාරයකට සභා ගර්භය තුළදී කරනු ලැබේ. ඉන්පසු පිළිගත් අවසානයකට එළඹීම සිදුවේ.
අධිකරණයක විනිශ්චයට පාත්‍ර වූ කිසිදු කරුණක් පිළිබඳව සඳහන් නොකළ යුතුය. යම් යෝජනාවක් හෝ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා/වරිය හැර වෙනත් මන්ත්‍රීවරයකු/වරියකට එය පිළිබඳව එක් වතාවකට වඩා කථා කිරීමට ඉඩ හරිනු නොලැබේ. එනමුත් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී මන්ත්‍රීවරයකු/වරියකට එක් වරකට වඩා වැඩි වාර ගණනක් කථා කිරීමට අවසර දෙනු ලැබිය හැකිය. එයට අමතරව, සභාව ඉදිරියේ යෝජනාවක් නොතිබුණ ද හානියට ලක් වු මන්ත්‍රීවරයකු/වරියකට පෞද්ගලික කරුණු පැහැදිලි කිරීමකට හිමිකම් ඇත. කෙසේ වුවද එබඳු පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් විවාද කිරීමට ඉඩ නොලැබේ. පාර්ලිමේන්තුවට නුසුදුසු භාෂා විලාසයන් භාවිතා නොකරනු පිණිස මන්ත්‍රීන් සිය විශේෂ සැළකිල්ල යොමු කළ යුතුයි.
ඔවුන් ගෞරවාන්විත ලෙස සභාවට ඇතුළු විය යුතු වන අතර, අනවශ්‍ය ලෙස සභාව හරහා නොයා යුතුය. සභා ගර්භය තුළදී පුවත්පත්, පොත් හෝ ලිපි කියැවීමට ඔවුනට අවසර නොලැබේ. ඔවුන් නිශ්ශබ්දතාවය ආරක්ෂා කළ යුතු වන අතර, සභාව අමතමින් සිටින මන්ත්‍රීවරයා/වරිය ඉඩ දෙතොත් හැර ඔහු/ඇයගේ කථාවට අවහිර කරමින් කථා නොකළ යුතුය. සභා ගැබ තුළ දුම් බීම තහනම් වේ. මන්ත්‍රීන් සිය තර්ක ඔප්පු කරනු පිණිස විවිධ දේවල් ගෙන ඒම නොකළ යුතුය. සභා ගර්භය තුළ ජංගම දුරකථන හා පටිගත කිරීමේ යන්ත්‍ර භාවිතා කිරීමට ඉඩ දෙනු නොලැබේ.
ඕනෑම අවඥා සහගත හෝ ගර්හා කටයුතු ප්‍රකාශයක් ඉල්ලා අස් කර ගන්නා ලෙස මන්ත්‍රීවරයකු/වරියකට පැවසීමට කථානායකතුමාට පිළිවන. එමෙන්ම, එබඳු වචන නිල වාර්තාවෙන් (හැන්සාඩ්) ඉවත් කිරීමට ද කථානායකතුමාට පිළිවන. රැස්වීමට නොකඩවා අවහිර කරන හෝ බාධා පමුණුවන මන්ත්‍රීවරයකු/වරියකට අවවාද කිරීමට ද එතුමාට හැකිය. එමෙන්ම, එතුමාට එබදු මන්ත්‍රීවරයකු/වරියක "නම් කිරීම" හෝ ඉවත් කරන ලෙස වේත්‍රධාරීට නියෝග කළ හැකිය. මන්ත්‍රීවරයකු/වරියකගේ සභා රැස්වීමට පැමිණීම සති කිහිපයකට අත් හිටුවීමට ද පුඵවන. යම් මන්ත්‍රීවරයකු/වරියකගේ හැසිරීම අත්‍යන්ත ලෙස අශිෂ්ට සම්පන්න වී නම්, දිනයේ රැස්වීමේ ඉතිරි කාලය සඳහා ඔහු/ඇයගේ සහභාගිත්වය අත්හිටුවා ඉවත් වන ලෙස නියෝග කිරීමට කථානායකතුමාට හැකිය.
කථික ලැයිස්තුව සූදානම් කිරීම පිළිබඳ වගකීම ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දෙපළට පැවරේ. මෙම ලැයිස්තු කල් වේලා ඇතිව කථානායකතුමා වෙත ඉදිරිපත් කරනු ලබන අතර, එතුමා එම මන්ත්‍රීවරුන්ට සභාව ඇමතීමට ආරාධනා කරයි.
ක්‍රියා පටිපාටිමය අක්‍රමිකතාවයක් සිදු ව ඇතැයි යම් මන්ත්‍රීවරයෙක්/වරියක් සිතන්‌නේ නම්, ඔහුට/ඇයට එම කාරණය එහිදී, එම අවස්ථාවෙහිදී ම මතු කළ හැකිය. රීති ප්‍රශ්නය මතු කෙරෙන විට කථා කරමින් සිටින මන්ත්‍රීවරයා/වරිය එයට ඉඩ දිය යුතුය. කථානායකතුමා හෝ මූලාසනාරූඪ මන්ත්‍රීවරයා/වරිය ඒ පිළිබඳ තීන්දුව දුන් පසු, මන්ත්‍රීවරයා/වරියට සිය කථාව නැවත කර ගෙන යා හැකිය.
විවාදයක් අවසානයේ දී මන්ත්‍රීවරයෙක්/වරියක් සිය එකඟත්වය හෝ විරුද්ධත්වය ප්‍රකාශ කරනුයේ "පක්ෂයි" හෝ "විරුද්ධයි" කීමෙනි. යම් මන්ත්‍රීවරයකු/වරියක කටහඬ මගින් ඡන්දය විමසීම පිළිබඳව සෑහීමට පත් නොවන්‌නේ නම්, එවිට “බෙදීමක්” (පක්ෂව හා විරුද්ධව ඇති ඡන්ද සංඛ්‍යාව ගණන් කර බැලීමක්) ඉල්ලා සිටිය හැකිය. පක්ෂව හා විරුද්ධව ඇති ඡන්ද සංඛ්‍යාව පේළියෙන් පේළියට එකතු කොට ගණනය කිරීමෙන් හෝ එක් එක් මන්ත්‍රීවරයා/වරියගේ නම අඬ ගසා ඔහු/ඇයගේ කැමැත්ත සටහන් කොට ගෙන එකතු කිරීම මගින් "බෙදීම" සිදු කළ හැකිය. මෙයින් කුමන ආකාරයට ඡන්දය ගණන් කළ යුතු දැයි තීරණය කිරිම කථානායකතුමා සතු වේ.
ගණපූරණය යනු රැස්වීම පවත්වා ගෙන යාම පිණිස, අවශ්‍ය වන අවම මන්ත්‍රීන් සංඛ්‍යාවයි. ගණපූරණය, මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ද ඇතුඵව මන්ත්‍රීන් 20 දෙනෙකි. ගණපූරණය නොමැති විටෙක ඒ පිළිබඳව මූලාසනාරූඪ මන්ත්‍රීවරයා/වරියගේ අවධානයට ලක් කරනු ලැබුවහොත් එතුමා/එතුමිය ගණපූරණ සීනුව හැඬවීම පිණිස කටයුතු යෙදිය යුතු වන අතර, විනාඩි 5ක කාලයක් අවසන දී ගණපූරණය සපිරී නොතිබුණහොත් පාර්ලිමේන්තුව කල් තැබීමට හැකිය.
ඡන්දය ප්‍රකාශ කරන අයුරු
සභාවේ තීරණය අවශ්‍ය වූ විටදී මන්ත්‍රීවරයන්‌ගේ අනුමතිය හෝ විරුද්ධත්වය දැනගැනීම පිණිස ප්‍රශ්නය සභාවට යොමු කරනු ලැබේ. සෑම මන්ත්‍රීවරයෙක්ගේ ම තීරණය ඡන්දයෙන් ලබාගනියි. ඡන්දයක් පැවැත්විය හැකි වන්‌නේ පාර්ලිමේන්තුව රැස්වන විටකදී පමණි. සෑම මන්ත්‍රීවරයකුටම ඡන්දයක් හිමිවන අතර ඡන්දය පුද්ගලිකව පාවිච්චි කරනු ලැබිය යුතුය. ඡන්දය දීමේදී මන්ත්‍රීවරයා සිය අසුනේ සිටිය යුතුය. සෑම මන්ත්‍රීවරයකුටම ඡන්ද අයිතිය හිමිවන අතර අවශ්‍ය නම් ඡන්දය දීමෙන් වැළකී සිටිය හැකිය. පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම සිව් ආකාරයකින් කළ හැකිය. ඒවා නම්,
අ. කටහඬින් ඡන්දය ප්‍රකාශ කිරීම
වඩාත් සුලබව දක්නට ලැබෙන්‌නේ කටහඬින් ගන්නා ඡන්දයයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(1) ට අනුව කථානායකවරයා විසින් ප්‍රශ්නය සභාවට යොමුකළ විට පක්ෂ අය “පක්ෂයි” යනුවෙන් ද විපක්ෂ අය “විරුද්ධයි” යනුවෙන් ද ප්‍රකාශ කරයි. සභාවේ මතය පැහැදිලි ප්‍රමාණවත් බවකින් ප්‍රකාශ වූ බවට කථානායකවරයා සෑහීමකට පත්‌වේ නම් ඒ බව සභාවට ප්‍රකාශ කළ හැකිය. කථානායකවරයාගේ තීරණය පිළිබඳව යම් මන්ත්‍රීවරයෙක් සෑහීමකට පත්නොවන්‌නේ නම් එම මන්ත්‍රීවරයාට බෙදීමක් ඉල්ලා සිටිය හැකිය.
ආ. මන්ත්‍රීවරයන් පේළියෙන් පේළිය බැගින් සිය ඡන්දය ප්‍රකාශ කිරීම (සිය අසුනෙන් නැගී සිට ඡන්දය ප්‍රකාශ කිරීම)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(2)(අ) හි සඳහන් ආකාරයට ඡන්දය විමසනු ලැබේ. මන්ත්‍රීවරයන් එක් පේළියෙන් පේළිය බැගින් සිය අසුන්වලින් නැගී සිට සභාව ඉදිරියේ ඇති යෝජනාවට පක්ෂව හෝ විරුද්ධව ඡන්දය භාවිතා කරනු ලබන අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ඡන්ද ගණන් කොට ප්‍රතිඵලය කථානායකවරයාට දන්වනු ලබන අතර කථානායකවරයා විසින් එම ප්‍රතිඵලය සභාවට ප්‍රකාශ කරනු ලැබේ.
ඇ. විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් ඡන්දය විමසීම
මන්ත්‍රීවරයන් විසින් කථානායකවරයා විසින් ඉඩදෙනු ලබන කාල සීමාව ඇතුළත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2)(ආ) හි විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය මඟින් ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.
ඈ. නමින් ඡන්දය ප්‍රකාශ කිරීම
නමින් බෙදීමක් අවශ්‍ය යැයි මන්ත්‍රීවරයකු යෝජනා කළ විට කථානායකවරයා විසින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(2)(ඇ) හි සඳහන් පියවර ගනු ලබයි. මේ අවස්ථාවේදී බෙදුම් සීනු මිනිත්තු පහක් නාද කළ යුතු අතර බෙදීම නමින් ගත යුතුය. සෑම මන්ත්‍රීවරයකුගෙන්ම තමා ඡන්දය දීමට රිසි ආකාරය විමසා එය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් සටහන් කර ගනු ලැබේ. පළමුව අග්‍රාමාත්‍යවරයාගේ ද ඉන්පසු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ ද, ඉන්පසු අනෙකුත් මන්ත්‍රීවරයන්ගේ ද ඡන්දය නම්වල අකාරාදී අනුපිළිවෙළට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් විමසනු ලැබේ. යම් මන්ත්‍රීවරයකු ඡන්දය භාවිතා කිරීමෙන් වළකින බව ප්‍රකාශ කරන්නේ නම් එය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටි ලෙස සටහන් කරනු ලැබේ. ඡන්දය ගණන් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් එකී ප්‍රතිඵලය කථානායකවරයා වෙත ලබාදිය යුතු අතර එවිට කථානායකවරයා විසින් එම බෙදීමේ ප්‍රතිඵලය පක්ෂව හා විරුද්ධව ප්‍රකාශ කරනු ලැබ ඇති ඡන්ද ගණන සහිතව ප්‍රකාශයට පත්කළ යුතු වේ. ඡන්ද සංඛ්‍යා සමාන නම් කථානායකවරයාට තීරක ඡන්දය දීමෙන් අනතුරුව ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලැබිය හැකිය.
තවද, කථානායකවරයා විසින් ඡන්දය දීම සඳහා ඉඩ ලබාදෙනු ලැබූ කාලය අවසාන වූ බව ප්‍රකාශ කරනු ලැබීමට පෙර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 49 හි සඳහන් පරිදි යම් මන්ත්‍රීවරයකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ දී සිදුවූ වරදක් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනු ලැබිය හැකිය.
එමෙන්ම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 48 හි සඳහන් පරිදි ඡන්ද විමසීමේ පැටලිලිසහගත තත්ත්වයක් හෝ වරදක් ඇති අවස්ථාවක තවත් ඡන්ද විමසීමක් වෙත පාර්ලිමේන්තුව යොමු කරනු ලැබීමට කථානායකවරයාට හැකිය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම















