ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය |
2025-09-22 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු |
2025-09-11 |
|---|
| කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම 2 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─ කාරක සභා වාර්තා පිළිගැන්වීමධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
2025-09-12 |
| 2025 සැප්තැම්බර් මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය) |
2021-07-16 |
| අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලිමේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ `කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ නව ක්‍රමවේදයක් - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය |
2025-09-18 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සියලු හැන්සාඩ් වාර්තා |
සියලු න්‍යාය පත්‍ර |
සියලු පරිපූරක |
සියලු න්‍යාය පුස්තක |
සියලු කාරක සභා වාර්තා |
|
||||||||||||||
පිළිතුරු දුන්
|
පිළිතුරු දීමට නියමිත
|
මැතිවරණ පැවැත්වීම
මැතිවරණය පැවැත්වීමේ සම්පූර්ණ බලය පාර්ලිමේන්තු මැතිවරණ පනත (සංශෝධිත) යටතේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වෙත පැවරී ඇති අතර එම බලය දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 17 වැනි සංශෝධනය ප්‍රකාරව මැතිවරණ කොමිසම වෙත පැවරී ඇත. XIV අ යනුවෙන් අංක යොදා ඇති මෙම සංශෝධනයේ නව විධිවිධාන රාශියක් හඳුන්වා දී ඇත. මෙම පරිච්‌ඡේදයේ 103(1) වගන්තිය මගින් සලසා ඇති විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිසම, ව්‍යවස්ථාදායක සභාවේ නිර්‌දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වේ. එම සාමාජිකයන් අතුරින් එක් පුද්ගලයෙකු සභාපති ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති අතර එය සිදුකළ යුත්‌තේ ද ව්‍යවස්ථාදායක සභාවේ නිර්‌දේශය මතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනයේ 27(2) වගන්තියෙහි අඩංගු අන්තර් විධිවිධාන වලට අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මැතිවරණ කොමිසමට පවරා ඇති බලතල හා කර්තව්‍යයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සිදු කරයි.
සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක් සම්බන්ධවම මැතිවරණ පැවැත්වීමේ කටයුතු තේරීම් භාර නිලධාරිවරයා ලෙස නම් කළ පුද්ගලයෙක් වෙත පැවරෙන අතර ඔහුගේ මැතිවරණ දිස්ත්‍රික්කයේ එක් එක් ඡන්ද මධ්‍යස්ථාන භාරව කටයුතු කිරීමට ඡන්ද ස්ථානාධිපතිවරයින් ඔහු විසින් පත් කරනු ඇත (28 වගන්තිය).
ඡන්ද ගණන් කිරීම හා ප්‍රතිඵල ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි IV වන කොටසෙහි අඩංගුව ඇත. දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරියා ඡන්ද ගණන් කිරීම භාරව කටයුතු කරන අතර එක් එක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් භාරව සිටීම සඳහා ගණන් කිරීමේ නිලධාරීන් පත් කිරීමේ බලය ඔහු සතුය. (49 වගන්තිය) පනතෙහි 60 වන වගන්තිය අනුව තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ඉටු කරයි.
මැතිවරණ ක්‍රමය
පූර්වයෙහි පැවැති මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ දිස්ත්‍රික්ක 1978 ව්‍යවස්ථාවෙන් පූර්ණ වෙනසකට ලක්කර තිබුණි. පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන අපේක්ෂකයින් විසින් නම් කරන ලද තනි අපේක්ෂකයින්‌ගෙන් සැදුම්ලත් ඡන්ද කොට්ඨාස ක්‍රමයක් මත පදනම්ව පූර්ව ක්‍රමය සැකසී තිබුණි. අදාළ ඡන්ද කොට්ඨාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අපේක්ෂකයා ජයග්‍රාහකයා හැටියට ප්‍රකාශයට පත් කෙරිණි. කේවල ආසන ක්‍රමය ලෙස (FPP) හැඳින්වූ මෙම ක්‍රමය දිස්ත්‍රික් 22 අරභයා වූ සමානුපාතික නියෝජන ක්‍රමයක් බවට වෙනස් කරන ලදී.
සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකින්ම පත්විය යුතු මන්ත්‍රීවරුන්‌ගේ සංඛ්‍යාව නිශ්චය කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98(8) දරන ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදුකරනු ඇත. නියෝජන දිස්ත්‍රික්ක 22 සඳහා ලබාගත් ඡන්ද පදනමින් මන්ත්‍රීවරුන් 196 දෙනා පාර්ලිමේන්තුවට තේරී පත්‌වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි සංශෝධනය මගින් හඳුන්වා දෙනු ලැබූ 99(අ) ව්‍යවස්ථාව යටතේ අදාළ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ජාතික මට්ටමින් (ජාතික ලැයිස්තුව) ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව පදනමින් මන්ත්‍රීවරු 29 දෙනෙකු පත්කරනු ලැබේ. එබැවින් මේ අනුව දිස්ත්‍රික් මට්ටමින් සමානුපාතික ක්‍රමයක් ද ඒ ඡන්දයේම ප්‍රතිඵල මත ජාතික මට්ටමින් සමානුපාතික ක්‍රමයක් ද අප රටේ පවතී.
දිස්ත්‍රික් මට්ටමේ දී සමානුපාතික ක්‍රමය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(6) (ආ) ව්‍යවස්ථාව ප්‍රකාර දිස්ත්‍රික්කයේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 1/20 (5%) කට අඩුවෙන් ලබාගත් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නුසුදුස්සන් වන අතර ඉතිරි වලංගු ඡන්ද සංඛ්‍යාව සමානුපාතික ගණනය යටතේ ආසන වෙන්කිරීම සඳහා පිළිගනු ඇත.
සෑම දිස්ත්‍රික්කයකම වැඩිම ඡන්ද ගණනක් ලබාගන්නා දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට එක් මන්ත්‍රීවරයකු තේරීපත් වූ බව ප්‍රකාශයට පත්කිරීමේ අයිතිය (ප්‍රසාද ආසනය) හිමි වේ. ඉතිරි මන්ත්‍රීවරුන් ගණන තේරීපත් වූ බවට ප්‍රකාශ කරනු ලබන්‌නේ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම විසින් ලබාගත් ඡන්ද අනුපාතිකය අනුවය.
එක් එක් දේශපාලන පක්ෂයෙන් හෝ ස්වාධීන කණ්ඩායමෙන් මන්ත්‍රීවරුන් නම් කිරීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය මගින් සෑම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් තෝරා පත්කර යැවිය යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සඳහා පදනම්කර ගත යුතු මනාප ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. තමා ඡන්දය ප්‍රකාශ කරන පක්ෂය හෝ කණ්ඩායම තුළ සිටින අපේක්ෂක ලැයිස්තුව අතරින් ඔහු/ඇය ගේ මනාපය සලකුණු කිරීමට සෑම ඡන්ද දායකයෙකුටම අයිතිය හිමි වේ. තේරීම් බාර නිලධාරියා විසින් නාමයෝජනා පත්‍ර භාරගැනීමෙන් අනතුරැව එක් එක් අපේක්ෂකයාට ලබාදෙන අංක අනුව එකී මනාප තුන සළකුණු කළ හැකිය. ඡන්ද ගණන් කිරීමේ දෙවැනි අදියරේදී මනාප ඡන්ද ගණන් කිරීම සිදු කරන අතර එමගින් යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මගින් තේරී පත් වූ නිශ්චිත අපේක්ෂකයින් කවුරුන් දැයි එමගින් නිශ්චය කරනු ඇත.
බලතල හා වරප්‍රසාද පනත
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පරිහාර සහ බලතල ප්‍රකාශ කිරීම හා නිශ්චය කොට දැක්වීම පිණිසත්, පාර්ලිමේන්තුවේ භාෂණයේ සහ විවාද කිරීමේ නැතහොත් කටයුතුවල නිරතවීමේ නිදහස ආරක්ෂා කිරීම පිණිසත්, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සම්බන්ධයෙන් දඞුවම් පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසත්, පාර්ලිමේන්තු වාර්තා, ලියවිලි, කාර්ය සටහන්, ඡන්ද විමසීම් හෝ කටයුතු පළ කිරීමේ නියුක්ත වී සිටින තැනැත්තන් ආරක්ෂා කිරීම පිණිසත් වූ පනතකි.
බාගත කරන්න
| පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත |
![]() |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම
















