ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය |
2025-09-22 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු |
2025-09-11 |
|---|
| කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම 2 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─ කාරක සභා වාර්තා පිළිගැන්වීමධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු |
2025-09-12 |
| 2025 සැප්තැම්බර් මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:- |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය) |
2021-07-16 |
| අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලිමේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ `කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු... |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ නව ක්‍රමවේදයක් - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය |
2025-09-18 |
![]() |
| තවදුරටත් කියවන්න |
|
||||||||||||||
| තවත් |
සියලු හැන්සාඩ් වාර්තා |
සියලු න්‍යාය පත්‍ර |
සියලු පරිපූරක |
සියලු න්‍යාය පුස්තක |
සියලු කාරක සභා වාර්තා |
|
||||||||||||||
පිළිතුරු දුන්
|
පිළිතුරු දීමට නියමිත
|
රජයේ පනත් කෙටුම්පත් වලට අදාළ කාර්යයන්
| පළමුවර කියවීම |
| 1 |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ගැසට් පත්‍රයේ පළ කරනු ලබන රජයේ පනත් කෙටුම්පතක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 77 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිපතිවරයාගේ නිරීක්ෂණ හා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ලැබුණු පසු ස්ථාවර නියෝග අංක 45 ප්‍රකාරව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට එය ඇතුළත් කිරීම සඳහා පනත් කෙටුම්පත් කාර්යාංශය විසින් සභාලේඛන කාර්යාංශයට ඉදිරිපත් කරනු ලැබේ. |
| 2 |
පළමුවර කියවීමෙන් පසු පනත් කෙටුම්පත මුද්‍රණය කළ යුතු යැයි නියම කරනු ලැබීමෙන් ඉක්බිතිව පනත් කෙටුම්පත් කාර්යාංශය එකී පනත් කෙටුම්පතට අංකයක් වෙන් කර දී භාෂා තුනෙන්ම සසඳා බලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා අතර බෙදා හරිනු පිණිස එය මුද්‍රණය කරවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වැනි ව්‍යවස්ථාව සහ අංක 45 දරන ස්ථාවර නියෝගය ප්‍රකාරව දින හතක් ඉකුත් වීමෙන් ඉක්බිතිවම දෙවැනි වර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පිණිස අවශ්‍ය කටයුතු කරයි. |
| 3 |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරනු ලැබ ඇති අවස්ථාවකදී එබඳු පනත් කෙටුම්පතක් දෙවැනි වර කියවීම සඳහා දින නියම කරනු ලබන්‌නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට ලැබීමෙන් පසුව හෝ සති තුනක් ඉක්ම යෑමෙන් පසුව හෝ පමණි. අංක 50 දරන ස්ථාවර නියෝගයට අනුව පනත් කෙටුම්පත් කාර්යාංශය පෙත්සම ලැබීමත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයත් යන දෙකම පාර්ලිමේන්තුවේ නිවේදනය කරනු ලැබීමට කටයුතු කළ යුතුය. |
| 4 |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජාතියේ හිත පිණිස වහා අවශ්‍ය බවට අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කරන ලද යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ලැබී ඇති අවස්ථාවලදී අංක 45 සහ 46 දරන ස්ථාවර නියෝග ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් ඉක්බිති එවැනි පනත් කෙටුම්පතක් දෙවැනිවර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සහ භාෂා තුනෙන්ම එය සසඳා බලා මුද්‍රණය කොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම පනත් කෙටුම්පත් කාර්යාංශය විසින් කරනු ලැබේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවේදී නිවේදනය කිරීම සම්බන්ධ කටයුතු ද පනත් කෙටුම්පත් කාර්යාංශය ඉටු කරයි. |
| 5 |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154උ(5)(අ) ව්‍යවස්ථාවට ප්‍රකාරව නව වැනි උපලේඛනයේ සමගාමී ලැයිස්තුවට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ලැබී ඇති අවස්ථාවකදී ඒ පිළිබඳ නිවේදනයක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමටත්, පළමුවර කියවීම සඳහා එය න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමටත් අවශ්‍ය කටයුතු පනත් කෙටුම්පත් කාර්යාංශය විසින් කරනු ලැබේ. පළමුවර කියවීමෙන් පසු පනත් කෙටුම්පත භාෂා තුනෙන්ම සසඳා බලා මුද්‍රණය කොට, ඒ පිළිබඳව පළාත් සභාවල අදහස් විමසා ස්ථාවර නියෝග අංක 46අ(2) යටතේ සියලුම පළාත් සභාවලට යොමු කරනු ලැබේ. පළාත් සභා වල අදහස් ලබා ගැනීමෙන් පසු, ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කරනු ලැබිය යුතු නිවේදනයක් සකස් කොට ස්ථාවර නියෝග අංක 46අ(2)(ආ) යටතේ එය දෙවැනි වර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද පනත් කෙටුම්පත් කාර්යාංශය විසින් කරනු ලැබේ. |
| 6 |
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154උ(5)(ආ) ව්‍යවස්ථාවේ සඳහන් නව වැනි උපලේඛනයේ සමගාමී ලැයිස්තුව ප්‍රකාරව යෝජිත යම් ප්‍රඥප්තියක් පාර්ලිමේන්තුවට ලැබී ඇති අවස්ථාවකදී, ඒ පිළිබඳ නිවේදනයක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය කටයුතු පනත් කෙටුම්පත් කාර්යාංශය විසින් ඉටු කරනු ලැබියයුතු අතර ස්ථාවර නියෝග අංක 46අ(3)(අ) ප්‍රකාරව පනත් කෙටුම්පත ස්ථාවර කාරක සභාවට යොමු කරනු ලැබ ඇති අවස්ථාවකදී ස්ථාවර කාරක සභාවේ කටයුතු මෙහෙයවීම ද කළ යුතුය. (ස්ථාවර කාරක සභාවේ ක්‍රියා පරිපාටිය සඳහා කරුණාකර 3 වැනි ඡේදය බලන්න.) ස්ථාවර කාරක සභාව එම ප්‍රඥප්තිය සලකා බැලීමෙන් පසු වාර්තාවක් සකස් කිරීමත්, භාෂා තුනෙන්ම එය සසඳා බැලීමත්, එය මුද්‍රණය කොට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් ස්ථාවර නියෝග අංක 46අ(3)(ආ) ප්‍රකාරව අදාළ පළාත් සභාව වෙත යොමු කිරීමත් පනත් කෙටුම්පත් කාර්යාංශය සතු කාර්යයන් වේ. |
| 7 |
විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කළ යුතුව ඇති සියලුම සංශෝධන පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලැබිය හැකි දිනයක හෝ ඊට පෙර පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත භාර දිය යුතු යැයි සඳහන් නිවේදනයක් අයවැය කථාව ඉදිරිපත් කරනු ලැබීමෙන් ඉක්බිතිවම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු පනත් කෙටුම්පත් කාර්යාංශය විසින් ඉටු කරනු ලැබේ. |
| දෙවැනි වර කියවීම |
| 8 |
ඉහත 1.1 සිට 1.7 දක්වා ඡේදවල සඳහන් වූ පරිදි පළමුවැනි වර කියවීමෙන් පසු පනත් කෙටුම්පත් දෙවැනි වර කියවනු ලබන අතර ඉන් ඉක්බිතිවම 52 වන ස්ථාවර නියෝගය යටතේ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට හෝ විශේෂ කාරක සභාවකට හෝ ස්ථාවර කාරක සභාවකට හෝ යොමු කරනු ලැබේ. පනත් කෙටුම්පතක් විශේෂ කාරක සභාවකට හෝ ස්ථාවර කාරක සභාවකට හෝ යොමු කරනු ලැබූ විටක දී ඒ පනත් කෙටුම්පත සලකා බලනු ලබන්‌නේ අංක 63, 64 සහ 65 දරන ස්ථාවර නියෝග ප්‍රකාරව කාරක සභාව පාර්ලිමේන්තුවේදී සිය වාර්තාව සභාගත කිරීමෙන් පසුව පමණි. පනත් කෙටුම්පත යොමු කරනු ලබන විශේෂ කාරක සභා හෝ ස්ථාවර කාරක සභා පිළිබඳ කටයුතු මෙහෙයවනු ලබන්නේ පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් කාර්යාංශය විසිනි. (මේ කාරක සභා පිළිබඳව වැඩි විස්තර සඳහා කරුණාකර 3 වැනි ඡේදය බලන්න.) |
| කාරක සභා අවස්ථාව |
| 9 | පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ස්ථාවර නියෝග 54 සිට 61 දක්වා වන වගන්ති ප්‍රකාරව පනත් කෙටුම්පතකට සංශෝධන ඉදිරිපත් කළ හැකිය. මේ සංශෝධන භාෂා තුනෙන්ම සැසඳෙන්‌නේ දැයි පරීක්ෂා කර බැලීමත් 121 හෝ 122 වැනි ව්‍යවස්ථා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබී ඇති අවස්ථාවකදී එකී සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුකූල ද යන්න විමසා බැලීමත් පනත් කෙටුම්පත් කාර්යාංශය සතු කාර්යයකි. ඒ හැරුණු විට, 77 වැනි ව්‍යවස්ථාව හා 38(2) දරන ස්ථාවර නියෝගය ප්‍රකාරව එකී සංශෝධනවලට අදාළව නීතිපතිවරයාගේ සහතිකය ලැබී තිබේදැයි විමසා බැලීම ද පනත් කෙටුම්පත් අංශයේ කාර්යයකි. |
| තුන්වැනි වර කියවීම |
| 10 |
පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවෙන් පසු පනත් කෙටුම්පතක් සම්මත වී ඇති අවස්ථාවකදී හෝ විශේෂ කාරක සභාවේ හෝ ස්ථාවර කාරක සභාවේ වාර්තාව අංක 66 සහ 67 දරන ස්ථාවර නියෝග ප්‍රකාරව සලකා බලනු ලැබ ඇති අවස්ථාවකදී කාරක සභාවලදී යෝජිත සංශෝධන වේ නම් ඒවා නිසි පරිදි ඇතුළත් කිරීමත්, ඒවා භාෂා තුනෙන්ම සසඳා බලා (සිංහල හා දෙමළ) අනුඥා කෙටුම්පත් පිටපත් මුද්‍රණය කිරීමත් පනත් කෙටුම්පත් කාර්යාංශයේ වගකීමය. නීති කෙටුම්පත් සම්පාදක විසින් අනුඥා කෙටුම්පත අනුමත කරනු ලැබීමෙන් පසු අවසන් අනුඥා පිටපත් මුද්‍රණය කොට අදාළ පරිදි කථානායකවරයාගේ සහතිකය ලබා ගැනීම සඳහා හෝ 79 හෝ 80 වැනි ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත හෝ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මගින් ඉදිරිපත් කරනු ලැබේ. |
| අවසන් පනත් පිටපත් මුද්‍රණය |
| 11 |
ගරු කථානායකතුමා පනත් කෙටුම්පතේ සහතිකය සටහන් කළ පසු අවසන් පනත් පිටපත් භාෂා තුනෙන්ම මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපතිවරයා වෙත යවනු ලැබේ. |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම















