ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

chamber-front

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

තවදුරටත්

chamber-front

දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

තවදුරටත්

Parliament

2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

වාර්තාව
  • දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

    අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

    තවදුරටත්

  • දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

    2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

    තවදුරටත්

  • 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

    වාර්තාව


ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

2025-09-22
1
ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (සැප්. 22) සිය සහතිකය සටහන් කළේය. විගණන (සංශෝධන) පනත් කෙටුම්පත  2025.07.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 2025.09.11 දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී   සම්මත විය. මෙම ජාතික විගණන (සංශෝධන) පනත්  කෙටුම්පත  මගින්  2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම  අරමුණ  කර ඇත.  ඒ අනුව විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන අධිභාර පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා එහි සංයුතිය, කාල සීමාවන් සහ ක්‍රියා පටිපාටි ඇතුළුව අධිභාර සමාලෝචන කමිටුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැපයීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී ඇත. තවද වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට විගණකාධිපතිවරයාට බලතල ලබාදීම සහ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස පහේ සිට මාස හයක් දක්වා දීර්ඝ කිරීම ප්‍රධාන වෙනස්කම් අතරට ඇතුළත් වේ.  තවද, සංශෝධන මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 42 සහ 43 වගන්ති යටතේ වැරදි සිදු කරන පුද්ගලයින් සඳහා දඬුවම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමද සිදු කර ඇත. ඒ අනුව මෙම ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  2025 අංක 19 දරන ජාතික විගණන (සංශෝධන) පනත  ලෙස බලාත්මක වේ.      
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-22 ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට ...
2025-09-18 ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ...
2025-09-17 පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා...
2025-09-17 කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය...
2025-09-12 2026 අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා -...
තවත්

2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු

2025-09-11
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම 2 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─ කාරක සභා වාර්තා පිළිගැන්වීමධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-11 2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු
2025-09-10 2025 සැප්තැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු
2025-09-09 2025 සැප්තැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු
2025-08-22 2025 අගෝස්තු මස 22 වැනි දින සභාවේ කටයුතු
2025-08-21 2025 අගෝස්තු මස 21 වැනි දින සභාවේ කටයුතු
තවත්

සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

2025-09-12
2025 සැප්තැම්බර් මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-  
තවදුරටත් කියවන්න

රැස්වීම් සතියේ
පළමු දිනය
මාතෘකාව
2025-09-23 සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-09-09 සැප්තැම්බර් මස පළමුවැනි රැස්වීම් සතියේ...
2025-08-19 අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-08-05 අගෝස්තු මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-07-22 ජූලි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු
තවත්

මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය)

2021-07-16
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලි‍මේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ ‍`කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2021-07-16 මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි...
2021-07-02 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස දෙවැනි...
2021-06-21 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස පළමුවැනි...
2021-05-12 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස පළමුවැනි...
2015-05-25 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස දෙවැනි...
තවත්

තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ නව ක්‍රමවේදයක් - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

2025-09-18
1
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. මේ පිළිබඳ අදහස් පළ වුයේ වැවිලි සහ ප්‍රජා...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-18 තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ ...
2025-09-18 තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ...
2025-09-18 මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය...
2025-09-17 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පතට...
2025-09-17 භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය...
තවත්

මේ මොහොතේ සජීවී විකාශයක් නොමැත.

සභා සැරිය

පාර්ලිමේන්තු සභා ගර්භයේ 360° පරිදර්ශනය..නරඹන්න

ඡායාරූප ගැලරිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුවේ ඡායාරූප..නරඹන්න

වාර්තා චිත්‍රපටිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව පිළිබඳ වාර්තා චිත්‍රපටිය නරඹන්න..නරඹන්න

රජයේ පනත් ‌කෙටුම්පත් වලට අදාළ කාර්යයන්

පළමුවර කියවීම
1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌‌වේ 78 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ගැසට් පත්‍ර‌යේ පළ කරනු ලබන රජයේ පනත් ‌කෙටුම්පතක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 77 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිපතිවරයා‌ගේ නිරීක්ෂණ හා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව පාර්ලි‌මේන්තුවට ලැබුණු පසු ස්ථාවර නි‌යෝග අංක 45 ප්‍රකාරව පාර්ලි‌මේන්තු‌‌වේ න්‍යාය පත්‍රයට එය ඇතුළත් කිරීම සඳහා පනත් ‌කෙටුම්පත් කාර්යාංශ‌ය විසින් සභා‌ලේඛන කාර්යාංශයට ඉදිරිපත් කරනු ලැ‌බේ.


2

පළමුවර කියවී‌මෙන් පසු පනත් ‌කෙටුම්පත මුද්‍රණය කළ යුතු යැයි නියම කරනු ලැබී‌මෙන් ඉක්බිතිව පනත් ‌කෙටුම්පත් කාර්යාංශය එකී පනත් ‌කෙටුම්පතට අංකයක් ‌වෙන් කර දී භාෂා තු‌නෙන්ම සසඳා බලා, පාර්ලි‌මේන්තු‌ මන්ත්‍රීවරුන් සියලු ‌දෙනා අතර ‌බෙදා හරිනු පිණිස එය මුද්‍රණය කරවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වැනි ව්‍යවස්ථාව සහ අංක 45 දරන ස්ථාවර නි‌යෝගය ප්‍රකාරව දින හතක් ඉකුත් වී‌මෙන් ඉක්බිතිවම ‌දෙවැනි වර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පිණිස අවශ්‍ය කටයුතු කරයි.


3

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌‌වේ 121 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරනු ලැබ ඇති අවස්ථාවකදී එබඳු පනත් කෙටුම්පතක් දෙවැනි වර කියවීම සඳහා දින නියම කරනු ලබන්‌නේ ‌ශ්‍රේෂ්ඨාධිකරණ‌යේ තීන්දුව පාර්ලිමේන්තුවට ලැබී‌මෙන් පසුව ‌හෝ සති තුනක් ඉක්ම යෑ‌මෙන් ‌පසුව හෝ පමණි. අංක 50 දරන ස්ථාවර නියෝගයට අනුව පනත් කෙටුම්පත් කාර්යාංශය පෙත්සම ලැබීමත්, ‌ශ්‍රේෂ්ඨාධිකරණ‌යේ තීරණයත් යන දෙකම පාර්ලිමේන්තුවේ නිවේදනය කරනු ලැබීමට කටයුතු කළ යුතුය.


4

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 122 වැනි ව්‍යවස්ථා‌ව ප්‍රකාරව ජාති‌යේ හිත පිණිස වහා අවශ්‍ය බවට අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කරන ලද යම් පනත් ‌කෙටුම්පතක් පාර්ලි‌මේන්තු‌වට ලැබී ඇති අවස්ථාවලදී අංක 45 සහ 46 දරන ස්ථාවර නි‌යෝග ප්‍රකාරව ‌ශ්‍රේෂ්ඨාධිකරණ‌යේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබී‌මෙන් ඉක්බිති එවැනි පනත් ‌කෙටුම්පතක් ‌දෙවැනිවර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සහ භාෂා තු‌නෙන්ම එය සසඳා බලා මුද්‍රණය ‌කොට පාර්ලි‌මේන්තු‌ මන්ත්‍රීවරුන්ට ලබාදීම පනත් ‌කෙටුම්පත් කාර්යාංශය විසින් කරනු ලැ‌බේ. ‌ශ්‍රේෂ්ඨාධිකරණ‌යේ තීන්දුව පාර්ලි‌මේන්තු‌‌වේදී නි‌වේදනය කිරීම සම්බන්ධ කටයුතු ද පනත් ‌කෙටුම්පත් කාර්යාංශය ඉටු කරයි.


5

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154උ(5)(අ) ව්‍යවස්ථාවට ප්‍රකාරව නව වැනි උපලේඛනයේ සමගාමී ලැයිස්තුවට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ලැබී ඇති අවස්ථාවකදී ඒ පිළිබඳ නිවේදනයක් පාර්ලිමේන්තු‌‌වේදී ප්‍රකාශයට පත් කිරීමටත්, පළමුවර කියවීම සඳහා එය න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමටත් අවශ්‍ය කටයුතු පනත් කෙටුම්පත් කාර්යාංශය විසින් කරනු ලැ‌බේ. පළමුවර කියවීමෙන් පසු පනත් ‌කෙටුම්ප‌ත භාෂා තු‌නෙන්ම සසඳා බලා මුද්‍රණය ‌කොට, ඒ පිළිබඳව පළාත් සභාවල අදහස් විමසා ස්ථාවර නි‌යෝග අංක 46අ(2) යට‌තේ සියලුම පළාත් සභාවලට ‌යොමු කරනු ලැ‌බේ. පළාත් සභා වල අදහස් ලබා ගැනී‌මෙන් පසු, ඒ පිළිබඳව පාර්ලි‌මේන්තු‌‌වේදී කරනු ලැබිය යුතු නි‌වේදනයක් සකස් ‌කොට ස්ථාවර නි‌යෝග අංක 46අ(2)(ආ) යටතේ එය දෙවැනි වර කියවීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද පනත් කෙටුම්පත් කාර්යාංශය විසින් කරනු ලැබේ.


6

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154උ(5)(ආ) ව්‍යවස්ථාවේ සඳහන් නව වැනි උපලේඛනයේ සමගාමී ලැයිස්තුව ප්‍රකාරව යෝජිත යම් ප්‍රඥප්තියක් පාර්ලිමේන්තුවට ලැබී ඇති අවස්ථාවකදී, ඒ පිළිබඳ නිවේදනයක් පාර්ලිමේන්තු‌‌වේදී ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය කටයුතු පනත් කෙටුම්පත් කාර්යාංශය විසින් ඉටු කරනු ලැබියයුතු අතර ස්ථාවර නි‌යෝග අංක 46අ(3)(අ) ප්‍රකාරව පනත් ‌කෙටුම්පත ස්ථාවර කාරක සභාවට යොමු කරනු ලැබ ඇති අවස්ථාවකදී ස්ථාවර කාරක සභා‌වේ කටයුතු ‌මෙ‌‌හෙයවීම ද කළ යුතුය. (ස්ථාවර කාරක සභා‌වේ ක්‍රියා පරිපාටිය සඳහා කරුණාකර 3 වැනි ‌ඡේදය බලන්න.) ස්ථාවර කාරක සභාව එම ප්‍රඥප්තිය සලකා බැලීමෙන් පසු වාර්තාවක් සකස් කිරීමත්, භාෂා තු‌නෙන්ම එය සසඳා බැලීමත්, එය මුද්‍රණය කොට පාර්ලි‌‌මේන්තු‌වේ සභාගත කිරීමත් ස්ථාවර නියෝග අංක 46අ(3)(ආ) ප්‍රකාරව අදාළ පළාත් සභාව වෙත යොමු කිරීමත් පනත් කෙටුම්පත් කාර්යාංශය සතු කාර්යයන් වේ.


7

විසර්ජන පනත් ‌කෙටුම්පත සම්බන්ධ‌යෙන් කළ යුතුව ඇති සියලුම සං‌ශෝධන පාර්ලි‌මේන්තු‌ව විසින් නියම කරනු ලැබිය හැකි දිනයක ‌හෝ ඊට ‌පෙර පාර්ලි‌මේන්තු‌වේ මහ‌ලේකම් ‌වෙත භාර දිය යුතු යැයි සඳහන් නිවේදනයක් අයවැය කථාව ඉදිරිපත් කරනු ලැබී‌මෙන් ඉක්බිතිවම පාර්ලි‌මේන්තු‌‌වේදී ප්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු පනත් ‌කෙටුම්පත් කාර්යාංශය විසින් ඉටු කරනු ලැ‌බේ.

 

දෙවැනි වර කියවීම
8

ඉහත 1.1 සිට 1.7 දක්වා ඡේදවල සඳහන් වූ පරිදි පළමුවැනි වර කියවීමෙන් පසු පනත් කෙටුම්පත් දෙවැනි වර කියවනු ලබන අතර ඉන් ඉක්බිතිවම 52 වන ස්ථාවර නියෝගය යටතේ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට හෝ විශේෂ කාරක සභාවකට හෝ ස්ථාවර කාරක සභාවකට හෝ යොමු කරනු ලැබේ. පනත් කෙටුම්පතක් විශේෂ කාරක සභාවකට හෝ ස්ථාවර කාරක සභාවකට ‌හෝ ‌යොමු කරනු ලැබූ විටක දී ඒ පනත් ‌කෙටුම්පත සලකා බලනු ලබන්‌නේ අංක 63, 64 සහ 65 දරන ස්ථාවර නි‌යෝග ප්‍රකාරව කාරක සභාව පාර්ලි‌මේන්තු‌‌වේදී සිය වාර්තාව සභාගත කිරී‌මෙන් පසුව පමණි. පනත් ‌කෙටුම්පත ‌යොමු කරනු ලබන වි‌ශේෂ කාරක සභා ‌හෝ ස්ථාවර කාරක සභා පිළිබඳ කටයුතු ‌මෙ‌හෙයවනු ලබන්නේ පාර්ලි‌‌මේන්තු‌‌වේ පනත් කෙටුම්පත් කාර්යාංශය විසිනි. (මේ කාරක සභා පිළිබඳව වැඩි විස්තර සඳහා කරුණාකර 3 වැනි ඡේදය බලන්න.)

 

අවසන් යාවත්කාලීන කිරීම 2013-02-13

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි