ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

chamber-front

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

තවදුරටත්

chamber-front

දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

තවදුරටත්

Parliament

2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

වාර්තාව
  • දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ

    අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.

    තවදුරටත්

  • දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය බහුතර ඡන්දයෙන් සම්මතයි

    2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව ටී.එම්.ඩබ්ලිව්. දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (අගෝ. 05) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

    තවදුරටත්

  • 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ (ක්‍රියාපටිපාටිය) පනතේ 5 වන වගන්තිය සමඟ කියවන ලද 3(d) සහ 3(e) වගන්ති ප්‍රකාරව, විෂමාචාරය සහ ඔහුගේ ධුරයේ බලය දැඩි ලෙස අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන්, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා, 2025 අප්‍රේල් 08 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව

    වාර්තාව


ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

2025-09-22
1
ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (සැප්. 22) සිය සහතිකය සටහන් කළේය. විගණන (සංශෝධන) පනත් කෙටුම්පත  2025.07.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 2025.09.11 දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී   සම්මත විය. මෙම ජාතික විගණන (සංශෝධන) පනත්  කෙටුම්පත  මගින්  2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම  අරමුණ  කර ඇත.  ඒ අනුව විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන අධිභාර පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා එහි සංයුතිය, කාල සීමාවන් සහ ක්‍රියා පටිපාටි ඇතුළුව අධිභාර සමාලෝචන කමිටුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැපයීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී ඇත. තවද වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට විගණකාධිපතිවරයාට බලතල ලබාදීම සහ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස පහේ සිට මාස හයක් දක්වා දීර්ඝ කිරීම ප්‍රධාන වෙනස්කම් අතරට ඇතුළත් වේ.  තවද, සංශෝධන මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 42 සහ 43 වගන්ති යටතේ වැරදි සිදු කරන පුද්ගලයින් සඳහා දඬුවම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමද සිදු කර ඇත. ඒ අනුව මෙම ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  2025 අංක 19 දරන ජාතික විගණන (සංශෝධන) පනත  ලෙස බලාත්මක වේ.      
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-22 ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට ...
2025-09-18 ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ...
2025-09-17 පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා...
2025-09-17 කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය...
2025-09-12 2026 අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා -...
තවත්

2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු

2025-09-11
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම 2 : ඒකාබද්ධ විශේෂ මහා සභා රැස්වීම3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─ කාරක සභා වාර්තා පිළිගැන්වීමධීවර, ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-11 2025 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු
2025-09-10 2025 සැප්තැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු
2025-09-09 2025 සැප්තැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු
2025-08-22 2025 අගෝස්තු මස 22 වැනි දින සභාවේ කටයුතු
2025-08-21 2025 අගෝස්තු මස 21 වැනි දින සභාවේ කටයුතු
තවත්

සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

2025-09-12
2025 සැප්තැම්බර් මස 11 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 සැප්තැම්බර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-  
තවදුරටත් කියවන්න

රැස්වීම් සතියේ
පළමු දිනය
මාතෘකාව
2025-09-23 සැප්තැම්බර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-09-09 සැප්තැම්බර් මස පළමුවැනි රැස්වීම් සතියේ...
2025-08-19 අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-08-05 අගෝස්තු මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ...
2025-07-22 ජූලි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු
තවත්

මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි රැස්වීම් සතිය)

2021-07-16
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්මත වෙයිපවතින කෝවිඩ් තත්ත්වය හේතුවෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තු රැස්වීම් සීමා වුවද ඉකුත් සතියේ පාර්ලිමේන්තුව ජූලි 06 වන දින සිට 09 වන දින දක්වා දින 04 ක් රැස්විය. විශේෂයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීමත් සමග පාර්ලි‍මේන්තුව කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබිණි. මෙම සතිය තුළ ‍`කෝප් කමිටුව’ ඇතුළු කාරක සභා රැස්වීම් කිහිපයක්ද පැවති අතර ඉකුත් සතිය පාර්ලිමේන්තුව අතිශය කාර්ය කාර්යබහුල සතියක් විය. ඉකුත් සතියේ පාර්ලිමේන්තු කටයුතු...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2021-07-16 මේ සතියේ පාර්ලිමේන්තුව (ජූලි මස පළමුවැනි...
2021-07-02 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස දෙවැනි...
2021-06-21 මේ සතියේ පාර්ලිමේන්තුව (ජුනි මස පළමුවැනි...
2021-05-12 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස පළමුවැනි...
2015-05-25 මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස දෙවැනි...
තවත්

තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ නව ක්‍රමවේදයක් - වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය

2025-09-18
1
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. මේ පිළිබඳ අදහස් පළ වුයේ වැවිලි සහ ප්‍රජා...
තවදුරටත් කියවන්න

දිනය මාතෘකාව
2025-09-18 තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා සති දෙකක් තුළ ...
2025-09-18 තරුණ තරුණියන්ට පාර්ලිමේන්තු කාරක සභා සහ...
2025-09-18 මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය...
2025-09-17 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පතට...
2025-09-17 භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය...
තවත්

මේ මොහොතේ සජීවී විකාශයක් නොමැත.

සභා සැරිය

පාර්ලිමේන්තු සභා ගර්භයේ 360° පරිදර්ශනය..නරඹන්න

ඡායාරූප ගැලරිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුවේ ඡායාරූප..නරඹන්න

වාර්තා චිත්‍රපටිය

ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව පිළිබඳ වාර්තා චිත්‍රපටිය නරඹන්න..නරඹන්න

රජයේ පනත් ‌කෙටුම්පත්


රජයේ පනත් කෙටුම්පත් පහත සඳහන් පරිදි වර්ග කළ හැකිය:-

  • සාමාන්‍ය පනත් කෙටුම්පත්
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82, 83 සහ 84 ව්‍යවස්ථා ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම, පරිච්ජින්න කොට ප්‍රතියෝජනය කිරීම පිණිස වන කෙටුම්පත්.
  • විසර්ජන පනත් කෙටුම්පත්

 

පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය

පළමුවර කියවීම

කැබිනට් අමාත්‍යවරයකුගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ ඉල්ලීම පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව ප්‍රකාර ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් දින 14 කට පසුව 50 ස්ථාවර නියෝගය ප්‍රකාර පළමුවර කියවීම සඳහා පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුලත් කරනු ලැබේ.

කෙසේ වුවද, පනත් කෙටුම්පතෙහි විෂය කරුණු පළාත් සභා ලැයිස්තුව යටතේ ගැනේනම් එවැනි පනත් කෙටුම්පතක් පළමුවර කියවිම සඳහා න්‍යාය පත්‍රයට ඇතුලත් කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් සියලු පළාත් සභා වෙත යොමුකර අදහස් විමසිය යුතුය.

පනත් කෙටුම්පත ‍පළමුවර කියවීමෙන් පසුව එය මුද්‍රණය කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නියෝග කරනු ලබයි.

 

දෙවැනිවර කියවීම

පළමුවර කියවිමෙන් දින 7 ක් ඉක්මවීමෙන් පසුව ස්ථාවර නියෝග 50 සහ 55(1) ප්‍රකාර පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා න්‍යාය පත්‍රයේ පළ කරනු ලැබේ. පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළ යුතුය.

කෙසේ වුවද, පහත සඳහන් අවස්ථාවන්හිදී, දෙවැනිවර කියවීම, පළමුවර කියවීමෙන් දින 7 කට පසුව සිදුනොකරනු ඇත.

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ, පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවකදී, එවැනි පනත් කෙටුම්පතක් දෙවැනි වර කියවීම සඳහා නියම කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ස්ථාවර නියෝග 55(2) ප්‍රකාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවය.
(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (උ)(5)(අ) ව්‍යවස්ථාව ප්‍රකාර නවවන උප ලේඛනයෙහි III වැනි ලැයිස්තුවේ (සමගාමී ලැයිස්තුවේ) කාරණා සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවකදී, එවැනි පනත් කෙටුම්පත් ස්ථාවර නියෝග 51(2)(අ) ප්‍රකාර පළාත් සභාවල අදහස් ලබා ගැනිම සඳහා සියලු පළාත් සභා වලට යොමු කෙරේ. පළාත් සභාවල අදහස් පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ස්ථාවර නියෝග 51(2) (ආ) ප්‍රකාර පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා නියම කරනු ලබයි.


පනත් කෙටුම්පතක් දෙවැනිවර කියවීමේදී ස්ථාවර නියෝග 56 ප්‍රකාර විවාදයට භාජනය කරනු ලැබිය හැකිය. විවාදය අවසානයේදී පනත් කෙටුම්පත ඡන්දයකින් (කටහඬ අනුව/පේළි අනුව/ නම් අනුව) සම්මත කරනු ලැබේ. පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවේ නම් පනත් කෙටුම්පත (විසර්ජන පනත් කෙටුම්පතක් හැර) ස්ථාවර නියෝග 57 ප්‍රකාර එය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට හෝ අමාත්‍යවරයකුගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ යෝජනාවක් මත විශේෂ කාරක සභාවකට හෝ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවකට හෝ යෝග්‍ය ආංශික අධීක්ෂණ කාරක සභාවකට යොමු කරනු ලැබේ.

 

පනත් කෙටුම්පත්වල කාරක සභා අවස්ථාව

57 ස්ථාවර නියෝගය ප්‍රකාර පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවක් වෙත යොමු කරන ලද විට එම කාරක සභාවේ වැඩ කටයුතු 93 සිට 99 දක්වා ස්ථාවර නියෝග ප්‍රකාර සිදු කරනු ලැබේ. පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථා‍වේදී, පනත් කෙටුම්පතෙහි සියලු වගන්ති කාරක සභාව තුලදී සාකච්ජාවට භාජනය කරනු ලබන අතර ස්ථාවර නියෝග 59 සිට 65 ප්‍රකාර පනත් කෙටුම්පතේ වගන්ති වලට නව සංශෝධන යෝජනා කළ හැකිය. පනත් කෙටුම්පතට නව වගන්ති හා නව උප ලේඛන යෝජනා කරනු ලබන විටක ඒවා දෙවැනි වර කියවනු ලැබිය යුතු අතර ඉන් අනතුරුව ස්ථාවර නියෝග 66 ප්‍රකාර පනත් කෙටුම්පතෙහි පූර්විකාව සහ නාමය සලකා බැලිය යුතුය.

සංශෝධන වල ස්වභාවය ස්ථාවර නියෝග 43, 44, 45 සහ 46 වන ස්ථාවර නියෝග වල දක්වා ඇත. 43(2) ස්ථාවර නියෝගය ප්‍රකාර සියලු සංශෝධන පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත ලිඛිතව භාර දිය යුතුය.

 

විශේෂ කාරක සභාවකදී / ස්ථාවර කාරක සභාවකදී සළකා බැලීම

පනත් කෙටුම්පත විශේෂ කාරක සභාවක් වෙත හෝ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවක් වෙත හෝ ආංශික අධීක්ෂණ කාරක සභාවක් වෙත යොමු කරනු ලැබ ඇති විටක එම කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු 58 වැනි ස්ථාවර නියෝග ප්‍රකාර එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකළ යුතුය.

68, 69 සහ 70 වැනි ස්ථාවර නියෝග ප්‍රකාර කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතුය.

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ රැස්වීම් කටයුතු සිදුකරනු ලබන්නේ අංක 113 ස්ථාවර නියෝග ප්‍රකාරවය.

විශේෂ කාරක සභාවේ රැස්වීම් කටයුතු සිදුකරනු ලබන්නේ අංක 100 සිට 110 දක්වා වන ස්ථාවර නියෝග ප්‍රකාරවය.

 

තුන්වැනිවර කියවීම

පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව පනත් කෙටුම්පත සළකා බැලීම සම්පූර්ණ කළ පසු සභාපතිතුමා 67 ස්ථාවර නියෝගය ප්‍රකාර සංශෝධන සහිතව හෝ රහිතව හෝ පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතුය.

පනත් කෙටුම්පත ස්ථාවර කාරක සභාවකදී හෝ විශේෂ කාරක සභාවකදී සලකා බලනු ලැබුවහොත්, කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුව විසින් සලකා බලනු ලැබිය යුතු අතර ඉන් අනතුරුව ස්ථාවර නියෝග 71 සිට 73 ප්‍රකාර තුන්වැනිවර කියවා සම්මත කරනු ලැබේ. තුන්වැනිවර කියවීමේදී ද (කටහඬ අනුව/ පේළි අනුව/ නම් අනුව) ඡන්දය විමසනු ලැබේ.

කථානායකතුමාගේ සහතිකය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 සහ 80 වැනි ව්‍යවස්ථා යටතේ 74 වැනි ස්ථාවර නියෝගය ප්‍රකාර අනුඥ පිටපත මත කථානායකතුමාගේ සහතිකය සටහන් කිරීමෙන් පනත් කෙටුම්පත පනතක් බවට පත්විය යුතුය.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් වේ නම් එය එම පනත් කෙටුම්පතේ දීර්ඝ නාම‍යෙහි පැහැදිළිව නිශ්චිතව සදහන් කළ යුතුය. අනෙකුත් කාර්ය පටිපාටීන් සාමාන්‍ය පනත් කෙටුම්පතක කාර්ය පටිපාටීන්ට සමාන වේ. එසේ වුවද එවැනි පනත් කෙටුම්පතක් 2/3 ක වැඩි ජන්දයකින් හෝ 2/3 ක වැඩි ජන්දයකින් හා ජනමතවිචාරණයකදී යන දෙකින්ම සම්මත විය යුතුය.

 


විසර්ජන පනත් කෙටුම්පත

විසර්ජන පනත් කෙටුම්පතක කාර්ය පටිපාටියද සාමාන්‍ය පනත් කෙටුම්පතක කාර්ය පටිපාටියට සමාන වේ. නමුත් ස්ථාවර නියෝග 75 ප්‍රකාර විසර්ජන පනත් කෙටුම්පතක් සළකා බැලීම සඳහා දින 26 ක් වෙන් කරනු ලබයි.

විසර්ජන පනත් කෙටුම්පතක දෙවැනිවර කියවීම අයවැය කථාව සමග ආරම්භ වන අතර එය උපරිම වශයෙන් දින 7 ක් දක්වා පැවතිය හැකිය.

දෙවැනිවර කියවීම සඳහා වෙන්කරන ලද දින 7 අවසානයේදී විසර්ජන පනත් කෙටුම්පත සඳහා ජන්දය විමසීම සිදුකරනු ලැබේ. පාර්ලිමේන්තුව පනත් කෙටුම්පතට ජන්දය දීමෙන් පසුව එය පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට යොමු කරනු ලැබේ.

විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාව

කාරක සභා අවස්ථාව සඳහා උපරිම වශයෙන් දින 20 ක් වෙන්කළ යුතුය. විසර්ජන පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව වෙත යොමුකළ විට ස්ථාවර නියෝග 130 ප්‍රකාර යෝජිත සංශෝධන සමගින් සියලු වගන්ති, ශීර්ෂ හා උපලේඛන සළකා බලනු ලබන අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලබයි. ස්ථාවර නියෝග 28 හි කුමක් සඳහන්ව තිබුණද ස්ථාවර නියෝග 130(9) ප්‍රකාර කිසියම් වැඩසටහනක්, ව්‍යාපෘතියක් හෝ වැය විෂය විස්තරයක් සඳහා වෙන් කරනු ලබන මුදල අඩු කිරීමේ යෝජනාවක් ගැන කලින් දැනුම් දිය යුතුය.

පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකදී සියලුම අමාත්‍යංශ වැය ශීර්ෂ සම්මත වීමෙන් අනතුරුව එසැනින්ම පාර්ලිමේන්තුව නැවත රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බලා සං‍ශෝධන සහිතව හෝ රහිතව සම්මත කළ බව පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබේ. ඉන් අනතුරුව පනත් කෙටුම්පත තුන්වැනි වර කියවනු ලබන අතර එම අවස්ථාවේදී ගරු කථානායකතුමා කිසියම් වසරක් සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සං‍‍‍ශෝධන සහිතව‍ හෝ රහිතව පාර්ලිමේන්තුව විසින් සම්මත කළ බව ප්‍රකාශයට පත්කරනු ලැබේ.

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍‍ෂේප කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාව ප්‍රකාර අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2018-04-25

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි