ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දිනය : 2025-09-22

ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (සැප්. 22) සිය සහතිකය සටහන් කළේය.

විගණන (සංශෝධන) පනත් කෙටුම්පත  2025.07.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, 2025.09.11 දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී   සම්මත විය.

මෙම ජාතික විගණන (සංශෝධන) පනත්  කෙටුම්පත  මගින්  2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම  අරමුණ  කර ඇත. 

ඒ අනුව විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන අධිභාර පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා එහි සංයුතිය, කාල සීමාවන් සහ ක්‍රියා පටිපාටි ඇතුළුව අධිභාර සමාලෝචන කමිටුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැපයීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී ඇත.

තවද වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට විගණකාධිපතිවරයාට බලතල ලබාදීම සහ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස පහේ සිට මාස හයක් දක්වා දීර්ඝ කිරීම ප්‍රධාන වෙනස්කම් අතරට ඇතුළත් වේ. 

තවද, සංශෝධන මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 42 සහ 43 වගන්ති යටතේ වැරදි සිදු කරන පුද්ගලයින් සඳහා දඬුවම් සැලකිය යුතු ලෙස වැඩි කිරීමද සිදු කර ඇත.

ඒ අනුව මෙම ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  2025 අංක 19 දරන ජාතික විගණන (සංශෝධන) පනත  ලෙස බලාත්මක වේ.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි