ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

දිනය : 2024-12-18

සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරයෙකු ලෙස ගරු මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස ගරු කථානායක    (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (දෙසැ. 18) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

පසුගිය නොවැම්බර් 21 වැනිදා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අභිනවයෙන් රැස් වූ අතර එදින අභිනව මන්ත්‍රීවරුන් සිය දිවුරුම්දීම සිදු කළේය. ඒ වන විට සමගි ජන බලවේගයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 4ක් සඳහා නම් ගැසට්කොට නොතිබුණු අතර  පසුගිය 12 වැනිදා මෙම නව මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කොට තිබුණි. ඒ අනුව එම මන්ත්‍රීවරුන් සිව්දෙනා අතරින් ගරු අර්ජුන සුජීව සේනසිංහ, ගරු මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු සහ ගරු මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් තිදෙනා ඊයේ (17) දිවුරුම්දීම සිදු විය.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි