පසුගිය දෙවසර තුළ ශිෂ්‍ය පාර්ලිමේන්තු 200ට වඩා වැඩි ප්‍රමාණයක් පවත්වා මහජනතාව වෙත පාර්ලිමේන්තුව සමීප කරවීමට කටයුතු කළා - පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය |
දිනය : | 2024-12-12 |
පසුගිය දෙවසර තුළ ශිෂ්‍ය පාර්ලිමේන්තු 200ට වඩා වැඩි ප්‍රමාණයක් පවත්වා පාර්ලිමේන්තුව, මහජනයා වෙත වඩාත් සමීප කරවීමට කටයුතු කර තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසුවයා. මෙරට ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය ආරක්ෂා කරගැනීම උදෙසා, ඉදිරියේදී තවදුරටත් මහජනතාව වෙත සමීප වෙමින් පාර්ලිමේන්තුවේ වැදගත්කම පිළිබඳව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ඊයේ (දෙසැ. 11) පැවති බස්නාහිර පළාත් ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් මහ ලේකම්වරිය මේ අදහස් පළකලාය. එමෙන්ම මෙහිදී මහ ලේකම්වරිය විසින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා එහි කාර්ය භාරය පිළිබඳව සිසුන් දැනුවත් කරමින්, පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පුර්ණ පැහැදිලි කිරීමක් සිදු කළාය.
බස්නාහිර පළාත් ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මේ අවස්ථාව සමගින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ විජේසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ආර් දේවබන්දු, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අනුර ප්‍රේමලාල් යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.
මෙහිදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ විජේසිංහ මහත්මිය විසින් ශිෂ්‍ය පාර්ලිමේන්තුව මගින් සමාජයේ පවතින සමාජ , ආර්ථික ගැටලු ගැඹුරින් අධ්‍යනය කර ඒ පිළිබඳව සමාජ කථිකාවතක් නිර්මාණ කිරීමේ වැදගත්කම සිහිපත් කළාය.
පසුව බස්නාහිර පළාත් ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවුණි. අනතුරුව අග්‍රාමත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරයා විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදි.
මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් සඳහා සහතිකපත්‍ර ලබාදීම ද පාර්ලිමෙන්තු මහ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
අනතුරුව බස්නාහිර පළාත් ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුන් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත කැඳවා තවදුවරත් පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා ක්‍රමවේද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලදී. මෙම අවස්ථාව සමගින් කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා හා අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා යන මහත්වරුන් සහභාගී වූහ. මෙහිදී පාර්ලිමේන්තුවේ කාරකසභා ක්‍රමය පිළිබඳව ජයලත් පෙරේරා මහතා විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකළේය. එමෙන්ම මෙහිදී පාර්ලිමේන්තු ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිසුන්ට පවතින ගැටලු ඉදිරිපත් කිරීමටද අවස්ථාව ලබාදී තිබුණි. එමෙන්ම පාර්ලිමේන්තු ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිසුන්ට පවතින ගැටලු ද මෙහිදී සාකච්ජා කෙරිණි.
මේ අවස්ථාව සමගින් බස්නාහිර පළාතේ කලාප අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, ගුරු භවතුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම


















