එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා ගරු කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා හමුවෙයි |
දිනය : | 2024-12-05 |
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක, මාර්ක් ඇන්ඩෘ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා, ගරු කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා, ඊයේ (දෙසැ. 04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද සහභාගි වී සිටියාය.
වාර්ගික හා ආගමික බෙදීම්වලින් තොරව ජාතික සමගිය පෝෂණය කිරීම අරමුණු කරගත් රජයේ ප්‍රතිපත්තිය මෙහිදී ෆ්‍රැන්චේ මහතාගේ ඇගයීමට ලක්විය. දේශපාලනඥයන් කෙරෙහි මහජන විශ්වාසය දිනා ගැනීම සඳහා ව්‍යවස්ථාදායක ක්‍රියාවලියේදී මහජන අදහස් ලබා ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. එසේම ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරය පැහැදිළි කළ ඒ මහතා විවිධ සංවර්ධන වැඩසටහන් හරහා මෙරටට සහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බව පෙන්වා දුන්නේය.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පිහිටුවීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ ෆ්‍රැන්චේ මහතා, ව්‍යවස්ථාදායක රාමුව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළු අනෙකුත් සාධනීය පියවරයන් පවත්වාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
තවද මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක ආචාර්ය අසෝක රන්වල මහතා, දසවැනි පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීම පිළිබඳව දැනුවත් කළේය. කාරක සභාවල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා කාරක සභාවලට අදාළ කාර්යයන් අතිච්ඡාදනය නොවන ලෙස වඩා විධිමත්ව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
යහපත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම, තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ දේශපාලනයේ කාන්තා හා තරුණ නියෝජනය වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










