ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.12.03

දිනය : 2024-12-03

පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, නවවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් 2024 සැප්තැම්බර් 11 දින “සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන)” නමැති  පනත් කෙටුම්පතෙහි ද, 2024 සැප්තැම්බර් 13 දින “විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ” පනත් කෙටුම්පතෙහි සහ “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කර ඇති බව කථාන‍ායක ගරු අසෝක රන්වල මහතා අද (දෙසැ. 03) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

 

දසවැනි පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයන්ත කරුණාතිලක පත්කිරීම

දසවැනි පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගයන්ත කරුණාතිලක  මහතා පත් කරනු ලැබ ඇති බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

 

සභාපති නාමාවලියට මන්ත්‍රීවරයන් නම් කිරීම

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 143 ප්‍රකාරව දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම පිණිස ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි, ගරු ඉම්රාන් මහරූෆ්, ගරු රෝහිණි කුමාරි විජේරත්න, ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, ගරු (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, ගරු (ජ්‍යෙ. මහාචාර්ය)  සේන නානායක්කාර, ගරු චානක මාදුගොඩ, ගරු සංජීව රණසිංහ, ගරු අරවින්ද සෙනරත් සහ ගරු කිට්නන් සෙල්වරාජ් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභාපති නාමාවලියට ඇතුළත් කිරීමට තමා විසින් නම් කර තිබෙන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි