ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අභිනවයෙන් තේරීපත්වූ සියලු මන්ත්‍රීවරයන්ට පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගෙන් නිවේදනයක්...

දිනය : 2024-11-17

• පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට...

• පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් නොවැම්බර් 19 සහ 20 දෙදින විශේෂ පාර්ලිමේන්තු තොරතුරු කවුළුවක්…


දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම් සළසා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, මුල් පිටුවේ ඇති තොරතුරු සබැඳියට පිවිස අදාළ තොරතුරු සම්පූර්ණ කරන මෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් මහලේකම්වරිය මෙම නිවේදනය මගින් දන්වා සිටියි. එසේම තොරතුරු ලබා දීමේ විකල්පයක් ලෙස මෙම සබැඳියෙන් බාගත කර ගත හැකි ආකෘති පත්‍රය පුරවා භාර දීමද සිදු කළ හැකි බවත් මහ ලේකම්වරියගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තවද, දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුවක් 2024 නොවැම්බර් 19 වැනි අඟහරුවාදා සහ 20 වැනි බදාදා පෙ.ව. 9.30 සිට ප.ව. 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ක්‍රියාත්මක වේ. එහිදී සියලුම ගරු මන්ත්‍රීවරයන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම සඳහා කටයුතු සූදානම් කර ඇති බැවින්, එයට පැමිණ සහභාගි වන ලෙස ද මහලේකම්වරිය ගරු මන්ත්‍රීවරයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.

මීට අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

 

පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් කරනු ලබන විශේෂ නිවේදනය

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම සළසා ඇත. ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ, මුල් පිටුවේ ඇති තොරතුරු සබැඳියට පිවිස අදාළ තොරතුරු සම්පූර්ණ කරන මෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. තොරතුරු ලබා දීමේ විකල්පයක් ලෙස මෙම සබැඳියෙන් බාගත කර ගත හැකි ආකෘති පත්‍රය පුරවා ලබා දීමද සිදු කළ හැක.

තවද, දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම පහසු කරවනු පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තොරතුරු කවුළුවක් 2024 නොවැම්බර් 19 වැනි අඟහරුවාදා සහ 20 වැනි බදාදා පෙ.ව. 9.30 සිට ප.ව. 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ක්‍රියාත්මක වන අතර, එහිදී සියලුම ගරු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු සහ ලිපිලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව ඇඟිලි සළකුණු ලබා ගැනීම සඳහා කටයුතු සූදානම් කර ඇති බැවින්, එයට පැමිණ සහභාගි වන ලෙස ද ගරු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

තොරතුරු කවුළුවට සහභාගී විය හැක්කේ ගරු මන්ත්‍රීවරුන්ට පමණක් වන බැවින් රියදුරු සමඟ පමණක් එදින පාර්ලිමේන්තුවට පැමිණනෙ ලෙස කාරුණිකව දැනුම් දෙමි. පාර්ලිමේන්තුවට ප්‍රවේශවීම පහසු කරවනු පිණිස සිය ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ රියැදුරු බලපත්‍ර‍ය රැගෙන එන ලෙසත්, පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල්වීම සඳහා මන්ත්‍රී පිවිසුම භාවිතා කළ හැකි බවත් ගරු මන්ත්‍රීවරුන්ට දන්වා සිටිනු ලැබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත සදහන් ක්ෂණික ඇමතුම් ඔස්සේ ලබා ගත හැකි බවද දන්වා සිටිමි.

තොරතුරු සහාය :           011-2777273 / 0718219994
                                 011-2777524 / 0714410073

තාක්ෂණික සහාය :         011-2777563 / 0715352701
                                 070-7415415 (ක්ෂණික ඇමතුම්)

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි