ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 ජුනි මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-06-07

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
B : “ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරී‌මේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
C : “දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්    
D : ගරු නීතීඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
E : ගරු ලලිත් වර්ණ කුමාර මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව
(ii)    2023 වර්ෂය සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(iii)    2023 වර්ෂය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv)    2023 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v)    2023 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi)    2023 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii)    2023 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(viii)    2023 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
(ix)    2023 වර්ෂය සඳහා මොනරාගල, හම්බන්තොට සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන වාර්තා
(x)    2023 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xi)    2023 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xii)    2023 වර්ෂය සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශවේ කාර්ය සාධන වාර්තාව
(xiii)    2022 වර්ෂය සඳහා යොවුන් සේනාංකයේ වාර්ෂික වාර්තාව
(xiv)    2023 වර්ෂය සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xvii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xviii)    2023 අංක 34 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2024.04.05 සිට 2024.04.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xix)    ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124(6) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ඩී. වීරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඩලස් අලහප්පෙරුම මහතා  
(ii)    ගරු වීරසුමන වීරසිංහ මහතා   
                
 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

ක්‍රම සහ විධි කාරක සභාව සහ බදු යාන්ත්‍රණය සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යතුමා වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 43 සිට 55 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත — සංශෝධන සහිතව
(ii)    වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියමය
(iii)    දේශීය ආදායම් පනත යටතේ යෝජනාව
(iv)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පහක්
(v)    දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ නියෝගය
(vi)    සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග
(vii)    වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(viii)    සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය
(ix)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නයක් අසන ලදී:-

ගරු ඉම්රාන් මහරූෆ් මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2024 ජුනි මස 18 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි