ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2024 අප්‍රේල් මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2024-04-24

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම

ගරු එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ගරු ඇම්. ජී. වීරසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එච්. නන්දසේන මහතාගේ අභාවය  
B : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
C : “දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
D : “ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරී‌මේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
E : “රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරී‌මේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
F : වරාය, නාවික හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
G : ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
H : වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
I : තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
J : ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
K : ගරු චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
L : ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
M : ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
N : ගරු කංචන විජේසේකර මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVI හා XXVII කොටස්;
•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVI කොටස; සහ
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ I කොටස  

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ─ IV කොටස ─ ‍ශ්‍රී ලංකා‍වේ ජාතික උද්‍යානවල තෘණ භූමි සංරක්ෂණ ක්‍රියාවලිය ඇගයීම පිළිබඳ පාරිසරික විගණන වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)         2022 වර්ෂය සඳහා ලෝහෝර් ආර්යා ණය අරමුදලේ වාර්ෂික වාර්තාව
(ii)    2022 වර්ෂය සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iv)    2022 වර්ෂය සඳහා හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව
(v)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vi)         2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vii)    2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව

(viii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 පෙබරවාරි 16 දිනැති අංක‍ 2371/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(x)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 පෙබරවාරි 16 දිනැති අංක‍ 2371/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xi)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 පෙබරවාරි 16 දිනැති අංක‍ 2371/50 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ සෞදි අරාබි රාජධානියේ ආණ්ඩුව අතර ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා 2023 ජනවාරි 26 දින ඇතිකර ගත් සම්මුතිය
(xiii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024 මාර්තු 19 දිනැති අංක‍ 2376/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xiv)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2024 අප්‍රේල් 19 දිනැති අංක 2380/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවල ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා
(xvi)    1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2023 නොවැම්බර් 27 දිනැති අංක 2360/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xvii)    1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024  පෙබරවාරි 13 දිනැති අංක 2371/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xviii)    2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 26(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය සහිතව, සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 දෙසැම්බර් 01 දිනැති අංක 2360/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xix)    2005 අංක 38 දරන සංචාරක කටයුතු පනතේ 26(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිර්දේශය සහිතව, සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2023 දෙසැම්බර් 01 දිනැති අංක 2360/63 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය  
(xx)    (454 වන අධිකාරය වූ) රජයේ ඉඩම් ආඥාපනතේ 8 සහ 22 වගන්ති සමඟ කියවිය යුතු 95 සහ 96 වගන්ති යටතේ සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් 2024 අප්‍රේල් 09 දින සාදන ලද නියෝග
(xxi)    2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 34 වගන්තිය යටතේ තහනම් ද්‍රව්‍ය ලැයිස්තු සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2024  පෙබරවාරි 27 දිනැති අංක 2373/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රෝහණ දිසානායක මහතා                    
(ii)    ගරු ශාන්ත බණ්ඩාර මහතා                -   පෙත්සම් දෙකයි
(iii)    ගරු විජිත හේරත් මහතා                   -   පෙත්සම් තුනයි
(iv)    ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා   -  පෙත්සම් දෙකයි
(v)    ගරු ගාමිණී වලේබොඩ මහතා                    
(vi)    ගරු සමන්ප්‍රිය හේරත් මහතා   
                 
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු පාඨලී චම්පික රණවක මහතා
මව්බිම පුවත්පතේ ප්‍රවෘත්තියක තමන් සම්බන්ධයෙන් පළ වූ අපහාසාත්මක කරුණු

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)    විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥාපනත යටතේ නියෝග

 

කල් තැබීමේ යෝජනාව

“පාස්කු ඉරිදා ප්‍රහාරය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නිරෝෂන් පෙරේරා මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2024 අප්‍රේල් මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි