ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 නොවැම්බර් මස 28 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-11-28

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XVIII කොටස;
  • 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XX කොටස;
  • 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLI කොටස;
  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LII කොටස සහ තෙවැනි කාණ්ඩයේ XXV කොටස;
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XLIV හා XLV කොටස්, තෙවැනි කාණ්ඩයේ XXI කොටස සහ නවවැනි කාණ්ඩයේ XXXIV කොටස; සහ
  • 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIII, XXIV, XXV, XXVI, XXVII, XXVIII, XXIX, XXX, XXXI හා XXXII කොටස්, තෙවැනි කාණ්ඩයේ XIII, XIV හා XV කොටස් සහ නවවැනි කාණ්ඩයේ XI, XII, XIII, XIV, XV, XVI  හා XVII කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන  ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iii)    2022 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iv)    2021 වර්ෂය සඳහා  ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව

(v)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු රොෂාන් රණසිංහ මහතා
තමා සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් දිනමිණ පුවත්පතට යවන ලද ප්‍රවෘත්ති නිවේදනය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2024) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - දහතුන්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මන්නාරමේ ඉල්මනයිට් කැණීමේ ව්‍යාපෘතිය නතර කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු චාල්ස් නිර්මලනාදන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1837 ට 2023 නොවැම්බර් මස 29 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2024]

 

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි