ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජනපති ධුරය සඳහා තිදෙනෙකුගේ නම් යෝජනා වෙයි

දිනය : 2022-07-19

හිටපු ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග හිස් වූ ජනාධිපති ධූරයේ පුරප්පාඩුව සඳහා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් අද (19) පාර්ලිමේන්තුවේදී යෝජනාකොට සම්මත කරන ලදී.

මේ අනුව වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් මෙසේ යෝජනා විය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ නම විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු ජී.එල්. පීරිස් මහතා එය ස්ථිර කළේය. ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පාර්ලිමේන්තුවේ සභානායක සහ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මනූෂ නානායක්කාර මහතා එය ස්ථිර කළේය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජිත හේරත් මහතා යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) ගරු හරිනි අමරසූරිය මහත්මිය එය ස්ථිර කළේය.

මෙම අපේක්ෂකයන් තිදෙනාගේ නාම යෝජනා 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුව අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා භාරගත් බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කළේය.

මේ අනුව හෙට (20) දින අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් මෙම මන්ත්‍රීවරුන් තිදෙනා අතුරින් කෙනෙකු තෝරා පත්කර ගැනීමට නියමිතව තිබේ.

පසුගිය (14) වැනිදා හිටපු ජනාධිපතිවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකොට තිබුණි. මේ අනුව පසුගිය (16) දා පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපති ධූරය හිස්වී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළ අතර එම පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාමයෝජනා භාරගන්නා බව නිවේදනය කළේය. එබැවින් අද (19) දින මෙසේ ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා භාරගැනීම සිදු විය.

 

da-rw-akd 

1 3

7 9

5 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි