ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ස්ත්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා ඒකකයක් පාර්ලිමේන්තු පුස්තකාලයේ විවෘත කෙරේ

දිනය : 2022-03-08

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ස්ත්‍රී පුරුෂ සමාජභාව හා සමානාත්මතා අංශයක්  (Gender Equality and Social Inclusion (GESI) Section)  ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පාර්ලිමේන්තු පුස්තකාලයේදී  විවෘත කෙරිණි.

පාර්ලිමේන්තු පුස්තකාලයේ ස්ථාපිත කර ඇති මෙම අංශය පාර්ලිමේන්තු ඉතිහාසයේ කාන්තා නියෝජනය ඇතුළු පොත්පත්, සඟරා ආදියෙන් සමන්විත වේ.

රැස්ව සිටි පිරිස අමතමින් ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ  ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය අපේ රටේ දීර්ඝ කාලීන අවශ්‍යතාවක් බවත්, මෙරට කාන්තාවන්ට නායකත්වය දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට විශාල දායකත්වයක් ලබා දිය හැකි  බවත් කථානායකවරයා ප්‍රකාශ කළේය. එසේම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) මෙහෙයුම් අධ්‍යක්ෂ රීඩ් ඊච්ලිමාන් මහතා ලබා දුන් සහයෝගය වෙනුවෙන් ද කථානායකවරයා සිය ස්තුතිය පළ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද අදහස් දක්වමින් මෙම කාර්ය සාර්ථක කර ගැනීමට දායකත්වය දැක්වූ සියලු පාර්ශවයන්ට සිය ස්තූතිය පළ කළේය.ඉන් අනතුරුව නියෝජ්‍ය මහලේකම් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ජයග්‍රහණ සහ ප්‍රගතිය පිළිබඳව පැමිණ සිටි පිරිසට පෙන්වා දුන්නාය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් ද USAID සහ NDI ආයතනවල නියෝජිත  පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

12

34

56

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි