ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ද්වීපාර්ශවීය සබඳතා තරකර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා සහ නවසීලන්ත කථානායකවරුන් අතර විශේෂ හමුවක්

දිනය : 2021-10-21

ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ ගරු  කථානායක ට්‍රෙවර් මලර්ඩ් මහතා අතර විශේෂ හමුවක් අද (21) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් පසුගියදා විවෘත කිරීම සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය මෙහිදී පළ කළ කථානායකවරයා ‍ශ්‍රී  ලංකාව සහ නවසීලන්තය අතර වසර 65කට වැඩි කලක් මුළුල්ලේ පවතින ද්වීපාර්ශවීය සබඳතා මේ හරහා වඩාත් පුළුල් වන බව පෙන්වා දුන්නේය.

නවසීලන්ත කථානායකවරයාගේ ආරාධනයකට අනුව පැවැත්වූ මෙම හමුවට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත වත්මන් නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වන වනුෂි වෝල්ටර්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්ව සිටියහ.

කොවිඩ් අභියෝගය, මැතිවරණ ක්‍රමවේදයන්, දේශපාලනය තුළ කාන්තා නියෝජනය, ආර්ථික අභියෝගයන්, ආගමික අන්තවාදය, ක්‍රීඩා ක්ෂේත්‍රය ආදී කරුණු ගණනාවක් පිළිබඳ දෙරටෙහි අත්දැකීම් හුවමාරු කරගැනීම මෙහිදී සිදුවිය.

ඉදිරියේදී ශ්‍රී ලංකා - නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව පැවසූ ගරු කථානායකවරයා ඒ හරහා දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය. එසේම නවසීලන්ත පාර්ලිමේන්තුවේ නියෝජිතයන් පිරිසකටද රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සදහා මෙරටට පැමිණෙන ලෙස ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආරාධනයක් ද කළේය.

ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වන විට නවසීලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන වනුෂි වෝල්ටර්ස් මහත්මිය ඉටුකරන කාර්යභාරය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බවද ගරු කථානායකවරයා මෙහිදී පවසා සිටියේය.

 

2 3

4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි