ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති

දිනය : 2021-01-05

පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ  දිවුරුම් දුන්හ.  

පසුගිය මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද මන්ත්‍රීධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 දී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පූජ්‍ය රතන හිමියෝ 2010 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 07 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූහ. 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 08 වන පාර්ලිමේන්තුවද නියෝජනය කළ පූජ්‍ය රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරටයි.

 

1

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි