විරුජන සම්මාන ප්රදානය |
දිනය : | 2018-01-12 |
“විරුජන සම්මාන ප්රදානය” 2018 ජනවාරි මස 10 වැනිදා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම සම්මාන ප්රදානය කරනු ලැබුවේ ගරු කථානායකතුමන් ප්‍රධාන අනුශාසකත්වය දරන ශ්‍රී ලංකා වීර පොදුජන පදනම විසිනි.
මෙවර උත්සවයේ දී “ආසියානු ස්වර්ණ විරුජන සම්මානය” පිරිනමනු ලැබුවේ 27 හැවිරිදි නේපාල ජාතික සමාජ සේවකයකු වන ලක්ෂ්මි සුන්දර් ගයින්ජු මහතාට ය. 2015 භූමිකම්පාවේදී අනතුරට පත් තැනැත්තන්ට උපකාර කිරීම හා බොහෝ පුද්ගලයින් බේරාගැනීම වෙනුවෙන් මෙදින ඔහු ඇගයුමට ලක්කෙරුණි. ඉන් අනතුරුව, එවරස්ට් කඳු මුදුන තරණය කිරීම සම්පූර්ණ කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන ජයන්ති කුරු උතුම්පාල මිය සහ ජොහාන් පීරිස් මහතා හට දුෂ්කරතා මධ්‍යයේ විජයග්‍රහණය කිරීම වෙනුවෙන් “විරුජන විශිෂ්ටතා සම්මානය” ප්රදානය කරන ලදී. මෙම සම්මාන ත්‍රිත්වයම ගරු කථානායකතුමා අතින් පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිතුමා ඇතුළු සම්භාවනීය පුද්ගලයින් රැසක් සහභාගී වී සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










