පාර්ලිමේන්තු ක්‍රීඩා සමාජයේ ප්‍රියන්ත වික්රමසේකරගෙන් ආසියාතික ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ දී දස්කම් |
දිනය : | 2017-10-25 |
2017 සැප්තැම්බර් මස 24 - 28 දක්වා චීනයේ රුගාවෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවැති 20 වැනි ආසියාතික ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එහි සාමාජික ප්‍රියන්ත වික්‍රමසේකර මහතා සහභාගී විය. මීටර් 500 ඇවිදීම, මීටර් 400 දිවීම, මීටර් 400 කඩුලු මතින් පැන යාම සහ මීටර් 400 සහාය දිවීම යන තරඟ ඉසව් ඔහු නියෝජනය කළේය. එහිදී මීටර් 400 සහාය දිවීමේ තරඟයෙන් පළමු ස්ථානය ද (රන් පදක්කම), මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරඟයෙන් තෙවන ස්ථානය ද (ලෝකඩ පදක්කම), දිනා දීමෙන් ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ක්‍රීඩා සමාජයටත්, ඉමහත් ගෞරවයක් අත්පත් කර දීමට පාර්ලිමේන්තු ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩක ප්‍රියන්ත වික්‍රමසේකර මහතා සමත් විය.
2005 වර්ෂයේ සිට මේ දක්වා සමස්ත ලංකා ප්රවීණයන්ගේ තරඟවලට සහ රාජ්‍ය සේවා (සමස්ත ලංකා) මලල ක්‍රීඩා තරඟවලට සහභාගී වී රන් කුසලාන 3ක්, රිදී කුසලාන 5ක් සහ ලෝකඩ කුසලාන 8 ක් දිනාගැනීමට වික්‍රමසේකර මහතා සමත් වී ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







